බෞද්ධ දර්ශනයත් ස්නායු වෛද්‍ය විද්‍යාවත් අතර පවතින ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවය තහවුරු කර දීමට දායකත්වය සැපයීම සඳහා ස්නායු විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනකු ළඟදීම ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අමෙරිකාවේ උතුරු කෙන්ටකි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්වන සූ ඔට් රොනඩ්ස් සහ ක්‍රිස්ටි එල්. හයික් ඔවුහුය.
බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින සබඳතාවය පිළිබඳ ලොව හමුවේ තොරතුරු කියා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් සිල්වා මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ පර්යේෂණය සිදුවෙයි.
එම පර්යේෂණය සම්බන්ධව සැදී පැහැදී සිටින එම මහාචාර්යවරුන් දෙදෙනාගෙන් විශාල දායකත්වයක් පර්යේෂණයට ලැබෙන බවත් මහාචාර්ය රනිල් සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම සහතික ඇත්ත. එහෙම ආදරය කරපු ඇත්තෝ තමයි ඉරාකයේ සද්දාම්ව කුදලාගන ගියෙත්. (ර)
මෙහෙ බුදු දහම රකින්න ඉන්න අය, දේශපාලනය කරනවනේ........ඔව් තව ටික කලකින් බුදු දහම අමෙරිකාවෙන් තමා ඉගෙන ගන්න වෙන්නේ (බ)
බෞද්ධ දර්ශනය යනු ස්නායු වෛද්‍ය විතරක් නෙවෙයි මුළු මනුස්ස සංහතියම සසරෙන් එතෙර කිරීමට දෙසු දහමකි නිර්වාණය ලබා ගත්කල්හි සෑම දෙකින්ම මිදිය හැක.(බ)
ධම්ම යන්නේ කොහෙද මල්ලේ පොල් ! (බ)
අයියෝ ඕව ඇමරිකාවේ අය කියන්න ඕන නැහැ , බුදුදහමේ මේ හැම දෙයක්ම හොදට කියල තියනවා , දහම්පාසල් ළමයෙකුගෙන් ඇහුවනම් කියයි (බ)
කරුණාකරලා බුද්ධිමත් ජනතාව හැම දෙයක් දිහාම දේශපාලන ඇසකින් බලන්න එපා, මේ වගේ බුදුදහම ගැන අවබෝධයක් අරගෙන විදේශිකයන් අපේ රටට ඇවිත් ගවේෂණය කරලා ඇත්ත අවබෝධකර ගන්නවා නම් එ්ක තමයි බෞද්ධයෝ විදියට අපි ලබන සතුට. ''ධම්මෝ හවේ රක්කති ධම්ම චාරේ''....(බ)
ධම්ම කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕක තමා. ඉතා වැදගත් දෙයක් ගැන දැනුවත් කරන කොට දේශපාලනය කතා කරනවා. (බ)
ඇමෙරිකාව අපට හරි ආදරෙයි. මෛත්‍රී පාලනයත් එක්ක ඒක දෙගුණ තෙගුණ වුණා. (බ)
ඔවු මේ වැඩේ හොඳයි. (ර)