ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි සියවසට අයත් බව කියන මේ නටඹුන් අතර බුදුපිළිම, ආරාම, ස්ථුප ආදිය එහි විය. ආකරයේ වැඩ පටන්ගන්නාවිට එම පුරාවස්තු වැනසී යතියි බියක් පවතී. ලොව දෙවැනි විශාලතම තඹ ආකරය එහි තැණීමට චීන සමාගම සැරැසෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මාර දුකයි.. වචන නැහැ කියන්න.. චීනය බෞද්ධ රටක්..මේවා ආරක්ෂා කරන්න.. සමහර විට මේවා විනාශ කරපු ඒවාද දන්නෙත් නැහැ..!(නු)
අපේ දේ අපිම නැති කරගන්නවා
යොවුන්ස්ලව් ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. මෙහෙමත් නූගත් මිනිසුන් ලොකෙ ඉන්නවනේ. ඇප්ගනිස්තානය කියන්නෙ සීයට සීයක් බෞද්ධයෝ සිටිය රහතන් වහන්සේ ලා දහස්ගනන් වැඩසිටිය දේශයක්. මුළු ඇප්ගනිස්තානය පුරාම තියෙන්නෙ බෞද්ධ පුරාවස්ථුන්. තලෙයිබාන් වරුන් විනාශකළේ අවුරුදු 1500 ක් ඉපැරණි ලොව විශාලම බුදු පිළිම වහන්සේයි. බුදුපිළිම විනාශකර සත්‍යය මැකිය නොහැකි බව මේ නොමිනිසුන්ට නොතේරීමයි මෙතන තියන ප්‍රශ්නය. (අ)
මෙහෙම වෙන්න දෙන්න බැහැ
තව අත්සන් 37000 ක් අවශ්‍යයි.... හැමෝම එකතුවෙලා මේ ලෝක උරැමය බේරා ගනිමු. ඔබේ අත්සන සඳහා යොමුව පහළින් http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3
මම ඇෆ්ගන් වල වැඩකරලා තියෙනවා.. ඒ මිනිසුන්ට ඒවා ගැන කිසිම වටිනාකමක් නැහැ..!(නු)
අපේ උරුමය මෙලෙස විනාශ වෙමින් යන එක ගැන මම අවංකවම දුක්වෙනවා. (නි)
බාමියන් පිළිම විනාශ කළ ඇෆ්ගන්වරුන්ට මේවා විනාශ කරන එක දෙයක් නෙමෙයි.. එදා සිට ඔවුන්ගේ විනාශ්‍ය අද දක්වා පුළුල් වෙලා..!(නු)
කෙසේ හෝ මේ පුද බිම් සුරකිමු (ස)
එහෙනම් ඇෆ්ගනිස්ථානයත් බෞද්ධ රටක්ව තිබුණා.. බෞද්ධයෙකු ලෙස ආඩමබර වෙමි..!(නු)
අපි ඇෆ්ඝන් රජය සමග කතාකරලා මෙම පුරාවස්තු ලංකාවට ගෙන්වාගමු. (නි)
ඉතිහාසයක් නැති කිසිම කෙනෙකුට අනාගතයක් නැත..!(නු)
යොවුන් සිල්වා ඔබ බොදු ඉතිහාසය ගැන නොදැන බුදු දහමට නිගරු කරන්න එපා.. දෙනෙත් පෙනෙන ඕනෑම කෙනෙකුට මේ ඡායාරූප වලින් බොදු උරුමයක් බව පේනවා..!(නු)
ඇෆ්ගනිස්ථානය කියන්නේ දුප්පත් රටක්. නුගත් රටක්. එදා ඉඳල අද වෙනකල් යුද්ද. මිලියන 30 මිනිස්සු හිටියට, 99% ඉන්නේ මුස්ලිම්. ඇයි මෙච්චර ප්‍රශ්න? කව්ද මෙච්චර ප්‍රශ්න ඇති කරන්නේ? (ස)
ඉතිහාසයක් නැති කිසිම කෙනෙකුට අනාගතයක් නෑ .ඉතිහාසය රැක ගැනීම ලෝක වාසී අපි හැමෝගෙම වගකීමක්..ඉතිහාසය රැක ගනිමු අපේ අනාගතයට (ස)
කොහොමත් ෆර්සාන් කැමති ඇති බෞද්ධ උරුමයන් ලොවින් තුරන් වෙනවට (ස)
ඔය දැං අදහස් කියන එක්කෙනෙක්වත් ලංකාවෙ කරන නිධං මංකොල්ලයට කිසිම දෙයක් කරලා තියෙනවාද? ඇෆ්ගනිස්ථානය කියන්නේ වෙන රටක්..ඒ රටේ තීරණ ගැනීමට බලය් ඒ අයට තියෙනවාද? පළමුව අපි අපේ දේවල් ආරක්ෂා කර ගනිමු.. (නු)
මෙම අපරාධය වලක්වා ගැනීමට මෙහි ඔබේ අකමැත්ත පළ කරන්න..! http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3 (නු)
පාකිස්තානය බෞද්ධ රටක් නෙමෙයි. නමුත් ඔව්න්ගේ කෞතුකාගාරයේ බුදු පිළිම රාශියක් පුරා වස්තු ලෙස තබලා තියෙනවා. ඇෆ්ගනිස්තාන් ජනාදිපති තුමා එක්ක කතා කරලා අපෙ ජනාධිපතිතුමන්ට ඒ පිළිම ගෙන්න ගන්න පුළුවන්. බොරුවට පෙත්සම් ගහලා වැඩක් නැහැ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කලොත් විසදා ගන්න පුළුවන්. හැම ආගමකටම ගරු කලොත් ලෝකයේ ප්‍රශ්න නැහැ. එත් එහෙම වෙන්නේ නැහැ. (දී)
ෆාසන් ඔයා ලංකාවෙ තියෙන පල්ලියක් ඇතුලේ මේ කැණීම සිදුකරන්න උනානම් ඔය කතාව කියන එකක් නැහැනේද?(නු)
යමෙක් දන්නේද? දන්නා බව නොදන්නේද? ඔහු නින්දේය.අවදි කරන්න. යමෙක් නොදන්නේද? නොදන්නා බව නොදන්නේද? ඔහු මෝඩයෙකි.දුරු කරන්න. යමෙක් නොදන්නේද? නොදන්නා බව දන්නේද? ඔහු අසරණයෙකි.පිහිටවන්න. යමෙක් දන්නේද? දන්නා බව දන්නේද? ඔහු උගතෙකි.ඇසුරු කරන්න. සොක්‍රටීස් යෝනුසලවී ඔයා මේකෙන් වැටෙන්නෙ දෙවෙනි එකට නේද ? (ස)
මට සතුටුයි මේ පෙත්සමට අත්සන් කිරිමට ලැබීම ගැන..!(නු)
කරුණාකර මේවා නවත්වන්න. (නි)
"ඇෆගනිස්තානය යනු බුද්ධාගම තිබුණු රටක් නොවෙයි"නුගත්, යෝනුසලවී පළකළ මන්දබුද්ධික තර්කයට මෙන්න පිළිතුර, යමක් ගැන ඔහේ කියවලා හැමෝගෙම කාලේ නාස්ති කරන්න එපා. හෙට අනිද්දට කියයි , ලංකාවත් බුද්ධාගම තිබුණු රටක් නොවෙයි කියලා. එතකොට මීට වසර 2300 කට පෙර මෞර්ය යුගය, වසර 1400 දක්වා තිබුන 'කුෂාන් යුගය' කාලයේදී බුදුදහම තදින් මුල්බැසගත් රටක් බවත්, කාබුල් නුවර පිහිටි අශෝක සෙල් ලිපි වලින් කියැවෙන 'රහතුන් වහන්සේලා වැඩසිටි 'ගාන්ධර්ව' දේශය ගැන සටහනුත්,පසුව මුස්ලිම්වරු පර්සියාවේ සිට පැමිණ සියල්ල විනාස කරමින් බුදුදහම අතුගා දමපු හැටිත් ඉතිහාසය හැදෑරුවොත් හැමෝටම දැනගන්න ලැබෙයි. දැන් පේනවනේ රටට වෙලා තියෙන විපත, මුළුමනින්ම කාන්තාරයක් වෙලා, මුස්ලිමුන් එකිනෙකා මරාගන්නවා. හැබැටම මං අහන්නේ , මොකද මේ මුස්ලිම් අය ඉන්න රටවල් බොහොමයක් ගහක් කොළක් නැති මහා කාන්තාර වෙලා තියෙන්නේ? දෙවියන්ගේ බැල්මවත් නැති විදිහට, එතකොට මේ අය අනිත් අයව මරන්නේ දේව කැමැත්තටද? බෝම්බ අටවන්නේ දේව කැමැත්තටද? කාන්තාවන් ගෙවල්වල දොර අගුලු දාලා කළු රෙදි වලින් ඔතලා තියෙන්නේ දේව කැමැත්තටද? (නි)
අයියෝ අයියෝ
ඉනෝකා , බුදු පිළිම කියලා ඕවට කිවුවට, බුදුන් වහන්සේගේ රුව රටින් රටට වෙනස් වෙනවා නේද? (නි)
මෙතන අදහස් ගොඩක් තියෙනවනෙ හරියට උත්තරයක් දෙන්න හරියටම ප්‍රශ්නෙ දැනගන්න ඕන.එහෙම නැති වුනොත් තමයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්න වෙන්නෙ.ඔයාට ඇති ප්‍රශ්නයක් නෑනෙ. බොරුවට මගේ කට වහන්න පන්ඩිත උත්තරයක් දුන්නා එච්චරනෙ. (ස)
මොන ප්‍රශ්ණයටද?සමන් ඒක තමයි මම කිව්වේ කොහෙද යන්නේ මල්ලේ පොල් කියල...අපි අදහස් ලියන්නේ මොන මාතෟකාවක් යටතේද යන්නවත් ඔයාට තේරුම් ගන්න බෑ නේ ඔයාට....තව මොන කථාද?දැන් වත් තේරුනාද? (ස)
මොන ප්‍රශ්නයටද ගවේශනාත්මක පිළිතුරක් ඕනෑ? (නි)
සමන් හැමදාම අනුන් කියන දේවල් වලට ඇහුම්කන් දෙන නිසා තමයි තමන්ට කියල කිසිම අදහසක් කියා ගන්න බැරි වෙලා තියෙන්නේ.සොක්‍රටීස් ගේ අදහස ඔබලා වැනි අයට තමයි 100%ක්ම ගැලපෙන්නේ හේතුව ඔබලානේ අනුන්ගේ පිළිමවලට අයිතිවාසිකම් කියන්නේ....එම නිසා මමත්වය ප්‍රදර්ශණය කරන්න.යමෙක් දන්නේද?දන්නා බව දන්නේද?ඔහු උගතෙකි.....මෙම වචනයට ආවේනික පුද්ගලයා සමන් කියා අපි උපකල්පනය කරලා අපි එයාට මෙය ගවේශනාත්මක පිළිතුරක් දෙන්න කියා ආරධනා කරනවා...... (ස)
මාර වැඩක්නේ මේක. තමන්ගේ රටේ තියෙන තඔ ආකරයෙන් තමන්ට ප්‍රයෝජනයක් ගන්න බැරිද? පෙත්සම් වලින් වැඩක් වෙන එකක් නැහැ. ඔය තඹ ආකරයෙන් එන ආදායම වගේ මුදල් ප්‍රමාණයක් අවුරුදු පතා ගෙවන්න පුළුවන් නම් මොනාහරි කරන්න පුළුවන් වෙයි. (ස)
යෝනුසලවී අර චීන සමාගමටත් පොඩ්ඩක් ඔයාගේ අදහස කියන්න නැත්තන් චීන සමාගම හිතාගෙන ඉන්නෙත් බෞද්ධ ආරාමයක නටබුන් කියලානේ. ඔයාගේ දැනුම ලොවටම පෙන්නන්න හොඳ අවස්ථාව.(අ)
යෝනුසලවී රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කියන්නේ නිකන් නෙවෙයි නේද?? කමක් නෑ ඕවා වෙන කාගේ හරි පිළිම කියලා හිත හදා ගමුකො දැන් හරිනේ?? (ස)
අපරාධ වැඩ මේවා
දේව ශාප
ඉනෝකා,යූ එස් ඒ, මේ අයට තමයි කියන්නේ ඇස් පෙනීම තිබියදීත් අන්ධ,කන් තිබියදීත් බිහිරි,මොළේ තිබියදීත් මෝඩ අය කියලා. කොහේද යන්නේ මල්ලේ පොල්. ඇෆගනිස්තානය යනු බුද්ධාගම තිබුණු රටක් නොවෙයි. පිළිම වන්දනය පිළිගත්තු සමාජයක් ජීවත් වූ රටක්. පිළිම වන්දනය හැම එකක්ම බුද්ධාගමද? මක්කමේ කැනීම් කළොත් එහෙත් පිළිම හම්බ වෙන්න පුළුවන්. එයට හේතුව එහිත් අතීතයේ පිළිම වන්දනය තිබූ බැවිනි. එම නිසා තමන්ගේ රටේ කැණීම් වලදී ඔවුන්ට ආවේණික නොවන දේවල් තිබුණොත් එය ආරක්ෂා කිරීමේ හා විනාශ කිරීමේ පූර්ණ අයිතිය ඔවුන් සතුයි. එයට හේතුව එහි වර්තමානයේ පිළිම වන්දනය නොතිබීම නිසා. එම පිළිම වලට බෞදධයන් හඩ නගනවා නම් බුද්ධාගම යනු අනුකරණය කරන ලද දහමක්ද යන්න සැකයක් මතු වේ. එම නිසා හමුවන හැම පිළිමයක්ම තමන්ගේ කියා අයිතිවාසිකම් කීමෙන් සිදුවන්නේ තමන් අදහන ආගම ගැන ලෝකයාට සැකයක් මතු කිරීමයි. මෙයයි යථාර්තය වන්නේ. (නි)
යෝනුසලවි, ෆර්සාන්, ඔයාලගේ අදහස් ආත්මාර්ථකාමී සහ ජාතිවාදීයි. (නි)
හොදයි මක්කම යට ට්‍රිලියන ගණනක් වටිනා දියමන්ති ආකාරයක් තියනවා කිව්වොත්, මක්කම කඩලා එක හාරන්න ඔය මෙතන බොරුවට කෑ ගහන යෝනුසලවී වගේ අය කැමති වෙනවද? එහෙම උනොත් මොනවද කියන්නේ. ඔන්න ඕක තමයි කියන්නේ ආගමික කුහක කම කියල. ඇත්තටම මෙතන බුද්ධ සාසනයට වඩා එයිතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් මතු වෙන තැනක්. එහෙම තැනක් එක ජාතියකට ආගමකට විතරක් අයිති නැහැ. මේක ලෝක මානව සංහතියේම වටිනා වස්තුවක්. ඒ වගේම පාරිසරික වසයෙන් මෙය කලොත් අනාගත මේ ප්‍රදේශය, නාය යාම්, විසල ජල හිගකම් වගේ ස්වභාවික විපත් ඇති වෙන්න පුළුවන් බවයි පෙන්වා දීල තියෙන්නේ. ලෝකෙම ආගම ජාති භේද නැතුව මිනිසුන් මේකට විරුද්ධ වන්නේ මේ නිසයි. ඊජිප්තුවේ පිරමිඩ, ෆෙරෝ නටබුන් වලට ලෝකෙම ආදරේ කරන්නේ එක සිංහල බෝඋද්ධ නිසා නොවයි , එය ලෝක මානවයාගේ මහා උරුමයක් නිසයි. ඒවගේ ඒවා කෙටි ආර්ථික ලාභ උදෙසා විනාස වෙනවට අපි කව්රුත් විරුද්ධයි. මක්කම වගේ එකක් කඩනවා කිව්වොත් බෝඋද්ධ අපිත් විරුද්දයි, මොකද ඒවා මානව උරුමයන්. මේ නිසා පටු සිතිවිලි වලින් මිදී ඒ වගේ මාහැගි වස්තුවක් රැකගන්න හැමෝම එක්වෙන්න.(නු)
කනගාටුයි කාගේ වරදින්ද මෙහෙම වෙන්නේ
මෙය ආරක්ෂාකර ගැනීමට හැකිනම් එව ලෝක වාසී සියලු බෞද්ධයන්ගේ විශාල ජයග්‍රහණයකි (ස)
බොදු උරුමව වනසන්නන් වැනසෙනවා සිකුරුයි (ස)
බෞද්ධ නටඹුන් වලට හානි නොවන ආකාරයේ වැඩ කටයුතු කරගෙන යනවානම් හොදයි. (නි)
අපිට වඩා ඉහළින් ඉන්න උදවියත් මේවා ගැන ඇස් කන් පියන් ඉන්නකොට අපි කියලා මොනවා කරන්නද? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ.......... (නි)
ඇෆ්ඝනිස්ථානය බුදුන් දවස සොළොස් මහා ජනපදවලින් එකකි. නිරන්තරයෙන් බුදුන් වැඩහුන් පින්බිමක්.සාදු සාදු සාදු! (නි)
බුද්ධාගම ලොව සදාතනික සත්‍යයයි. (නි)
මේ ඇෆ්ගනිස්තානයේ මෙස් අයානක්. මේක රැක ගැනීම සඳහා අත්සන් 50,000ක පෙත්සමක් ආරම්භ කරලා තියෙනවා. තව අත්සන් 37,514 ක් අඩුයි. හැමෝම මේක අත්සන් කරලා මේ මා හැඟි කාර්යයට දායක වෙන්න. පෙත්සම පහතින්. http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3 වැඩි විස්තර සඳහා ෆේස්බුක් පිටුව. https://www.facebook.com/buddhasofaynak (නි)
ඔය පුරාවස්තු විනාණ කරන්න ඉස්සෙල්ලා අපට ඉල්ලගන්න බැරිද? (නි)
මෙම භූමිය රැකගැනීම සඳහා අත්සන් 50,000කින් යුත් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර ඇති නමුත් තවමත් එයට අත්සන් එකතුවී තිබෙන්නේ 2,633 ක් පමණි. මෙම පෙත්සම යොමුකිරීමට නියමිතව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයාටය. පෙත්සමට අත්සන් කිරීමට මේ පිළිබඳව විස්තර සහිත ෆේස්බුක් පිටුවට මෙතනින් පිවිසෙන්න. Read more: http://www.gossip9.com/2012/10/blog-post_9392.html#ixzz28ujincKq (නි)
ජනාධිපතිතුමණි , චීනය හා ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරුන් හමුවී මෙය මෙය සංරක්ෂණය කරන්න (ස)
එහෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් නැතුව ඇති මගේ හිතේ. (නි)
ලංකා රාජ්‍යය මේ වෙනුවෙන් හඩ නැගිය යුතුයි. (නි)
ඕක නතර කරන්න එයාලා ඉඩදෙන්නේ නැහැ. (නි)
සොබා දහමට බොරු කරන්න බැහැ. බලන්න මේ පිළිම දිහා. සත්‍යය ජය ගන්නවාමයි (නි)
ඒවා රැක ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ? (ස)
එවැන්නක් සිදුවන්නේ නම් සියල්ලන් එක්රැස්ව ජාතිභේදයෙන් ආගම්භේදයෙන් තොරව විරුද්ධත්වය පෑයුතුයි. (නි)
යුනෙස්කෝ එකටවත් කියනවද? (නි)
කෝ යුනෙස්කකෝව? එක්සත් ජාතින්ගෙ සංවිධානය? මේ උරුමය විනාශ කරන්න දෙන්න එපා (නි)
කෞතුක වස්තු වශයෙන් මේවා සංරක්ෂණය කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
අපේ ජිවිත කැප කරලා ඒ දේවල් වලක්වමු (දී)
මේවා විනාශ කරොත් ඒවගේ ප්‍රතිවිපාක ලැබෙනවා ...(ස)
සියළු ධර්මතාවයන් අනිත්‍යයි.. බුදුදහමත් ඒ අනිත්‍යතාවයට යටත්..!(නු)
ආසියාව කියන්නේ බෞද්ධ ධර්මය පැතිරිලා තිබුණු ප්‍රදේශයන් තමයි.. අරුමයක් නෙමෙයි මෙවා මතුවෙන එක..!(නු)
එහෙ විතරක් නේමෙයි මැදපෙරදිගත් පෙර බෞද්ධ රටවල්.. මක්කමත් තියෙන්නේ බුදුන්ගේ සිරිපතුලක් කියලා ඉතිහාසයේ තියනවා..!(නු)
බුදු සසුන බැබලේවා..!(නු)
අන්තර්ජාලයේ පෙත්සමක් තියෙනවා මේකට විරුද්ධව..!(නු)
මෙම පිළිම බුදුහාමදුරුවන්ගේමයි කියා කෙසේ කියන්නේද ? බුදුරජානන් වහන්සේ ඇෆ්ගනිස්තානයට වැඩියාද?,එහි යම්කිසි දර්ශනයක් ප්‍රචාරය කරාද?මෙම ප්‍රශ්ණ වලට ප්‍රථමයෙන් පිළිතුරු සෙවිය යුතුයි.එක් සිද්ධියක් මෙහි කිව යුතුයි.බුද්ධ දර්ශනයේ පැවැත්ම බුදු හාමදුරුවන්ගෙන් පසු ව්‍යාප්ත වුවකි.බුදුහාමදුරුවන්ට පෙර ජීවත් වූ ජනතාවද පිළිම වන්දනය කර ඇත.එමනිසා මෙහි හමු වී ඇත්තේ එවැනි පිළිමයන්ය.මෙම පිළිමවලට ආවේනික දර්ශණයක් හෝ ආගමක් නොමැත.එසේ තිබිය දී කැනීම්වල දී හම්බවෙන හැම පිළිමයක්ම බුද්ධාගමට සම්බන්ධයි යැයි කීම කොතෙක් දුරට නුවනට හුරුද යන්න කල්පනා කළ යුතුයි. (ස)
දැන් ඇෆ්ගනිස්ථානය තලේබාන් වරුන්ගෙන් නිදහස් වේගන යන්නේ. බාමියන් පිළිමය විනාශ කලේ ඔඋන් වන අතර අද ඒ රටේ මිනිසුන් සාමාන්‍ය ජීවිතේට හැරෙමින් සිටි. විවෘර්ත සංගීත සංදර්ශන ගැහැණු අයද ක්‍රිකට් වැනි ක්‍රීඩා වලට යොමු වෙමින් පවතී. එදා බාමියන් පිළිමයට සිදුන දේ අදවෙන්නේ නැහැ. නමුත් නිල වශයෙන් ඉල්ලීමක් කරන එක නම් හොදයි (ස)
මේවා සේරම බෞද්ධ රටවල් මේවා විනාශ කරලා නොදැම්මානම් මුළු ආසියාවම හෑරුවොත් හැම තැනම බෞද්ධ ශිෂ්ඨාචාරය සොයා ගන්න පුළුවංවෙයි..!(නු)
එක වතාවක් බාමියන් බුදු පිළිම විනාශ කලාට පස්සේ රටට වුණ විනාශය මෙයාලට මතක නෑ වගේ.(ස)
අපේ උරුමය නේද මේ වනසන්න හදන්නේ? (නි)
බුදු හිමිගේ නටඹුන් වනසන්න එපා බොදු හදවත් වලට ගින්දර දෙන්න එපා.. (නි)
මේවා විනාශ කරන්න එපා. මේ අපේ උරුමයයි. (නි)
( http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3) බලන්නකෝ (ස)
සියල්ලටම පෙර අපේ රටේ බෞද්ධ පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න.. (නු)
සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ සිටින අපේ රටේ බෟද්ධ අයිතිය රැක ගන්න බැරි අපි, බදුු දහමට ප්‍රථම තැන නෙදෙන අයට ඡන්දය දෙන අපි.. වෙනත් රටවල බෞද්ධ අයිතිය ගැන කතා කිරීම වැඩක් නැත..!(නු)
චීනය ගැන කුමන කතාද? (නි)
අනාගතයේදී මේ පුරාවිද්‍ය නටඹුන් වලට මොනවා වේවිද කියලා මටනම් හිතාගන්න පුළුවන්, ඔයාලට මොනවද හිතෙන්නේ (ස)
එයාලට එපානම් අපිට දෙන්න කියන්න... ලංකාවේ පිරිසිදු බුදු දහම තියෙනවා (ස)