ජනතාවට බදු බර දරාගත නොහැකි බවත්, සාමාන්‍ය ජනතාවට බලපාන බදු බර අඩු කර සහන සැලසිය යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියෝ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට පැවසූහ. මාස හයක් හතක් ඇතුළත බදු බර අඩුකර ජනතාවට සහන සලසන බව මුදල් අමාත්‍ය රවී කරුනානායක මහතා එම අවස්ථාවේ කීවේය.
ඇමැතිවරයා මෙසේ පැවැසුයේ මහනුවර දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මහා නා හිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී ය. තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටු ඇමැතිවරයා රජයේ වැඩ පිළිවෙළ ගැන ද පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදගම ඔබ හරි ..(බ)
අනේ නැහැ හාමුදුරුවනේ අපි හරිම සතුටින් බදු ගෙවන්නේ. දැන් ලිච්ඡවී පාලනයක්නේ තියෙන්නේ. ඔබ වහන්සේත් මේ යහපාලනයට වෙනුවෙන් සෑහෙන මහන්සි වුණානේ. කමක් නැහැ අපි ගෙවන්නම්... (නි)
ඇයි මේ ගරු නායක ස්වාමීන් වහන්සේලා මේ අයට තමන්ව බැහැදකින්න ඉඩ දෙන්නේ? එන්න එපා කියලා එයාලව නවත්තල එයාලගෙ කල්ක්‍රියාව නරක බව පෙන්නලා දෙන්න බැරිද? (නි)
යෝජනාව නම් හොඳයි. හැබයි සමහරු කන්දෙනවද කියන එකයි ප්‍රශ්නේ. (නි)
හාමුදුරුවනේ, අර තාප්පවලින් රිලව් වගේ පනින, යටිගිරියෙන් කෑගහන උද්ඝෝෂණ කරන හාමුදුරුවරු ගැනත් යමක් කරන්න. ශාසනය ආරක්ෂා කරන්න. වෙන ආගම් වලත් පූජකවරු මොනම රටකවත් ඔහොම දේශපාලනය කරනවද? (නි)
මේ බදු වැඩිවීම් ජනතාවට දරාගන්න බැරිබව නොදැනද ගොඩක් අය මේ ආණ්ඩුවට කඩේ ගියේ? (නි)
එක පැත්තකින් දුප්පත් ජනතාවට බදු පටවන ගමන් අනෙක් පැත්තෙන් කරන දේවලුත් රටම දන්නවා (නි)
රජයට අාදායම එන්නේ බදු වලින් නම් කොහොමද මාස හයක් හතක් ඇතුළත බදු බර අඩුකරන්නේ? රට අමාරුවේ වැටුන ප්‍රධාන හේතුව ඡන්දය බලාගෙන පැට්රල් මිල අඩුකර වැටුප් වැඩි කිරීමයි. පැට්රල් මිල අඩුකිරීම නිසා සාමාන්‍ය ජනයට වුණ සෙත මොකක්ද? කිසිම බඩුවක මිල අඩුවුණේ නැත. (නි)
මේ රටේ දේශපාලකයන් , ටියුෂන් ගුරුන් , නීතිඥයන් , පුද්ගලික සේවයේ යෙදෙන දොස්තරවරුන් බදු ගෙවන්නේ නැත . තවද සුළු මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද විශාල ලෙස බදු මග හරී. මුදල් ඇමති තුමා මේවා අය නොකර මිනිස්සුන් එදිනෙදා අවශ්‍ය දේට බදු ගැසීම සහ ගහන දෙයකි. (බ)
ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලුවෝ මහා නායක හමුරුවරු බැහැ දැකීමෙන් පසු මාධ්‍යට ප්‍රකාශ දීම දැන් මහා විහිළුවක් වෙලා. ඊට වඩා දෙයක් මේ හමුවීම් වලින් සිදුවෙන්නේ නැහැ . ජනතාව දැන් මේ විගඩම් ගැන හොඳට දන්නවා . (ර)
මැදගම මහත්තයෝ නැති ලෙඩ දාගන්නේ නැතිව ඉන්න. වක්‍රව අපෙන් ගන්න බදු ප්‍රමාණය හොඳටම ඈති. (ර)
ජනතාව අද වැටිලා සිටින අමාරුව ගැන මුළු ආණ්ඩුවම වගකිවයුතුයි. මුදල් ඇමති මුලටම ඉන්න බව ඇත්ත. (නි)
අප වෙනුවෙන් කළ ඉල්ලීම පිළිබඳව මහනායක හිමියන්ට පින්සිදු වේවා! අප දෑස් අයා බලා සිටිනවා ඒ ඉල්ලීම ඉටුවනතුරු. (නි)
ඕවා නිකන් බොරු පොරොන්දු විතරයි හාමුදුරුවනේ (නි)
මේ රටේ දේශපාලකයන් , ටියුෂන් ගුරුන් , නීතිඥයන් , පුද්ගලික සේවයේ යෙදෙන දොස්තරවරුන් බදු ගෙවන්නේ නැත . තවද සුළු මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද විශාල ලෙස බදු මග හරී. මුදල් ඇමති තුමා මේවා අය නොකර මිනිස්සුන් එදිනෙදා අවශ්‍ය දේට බදු ගැසීම සහ ගහන දෙයකි. (ම)