දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුගං බලා පිහිනීමක් යැයි ශ්‍රී ලංකා අමධ්‍යප මහ සභාවේ සභාපති හා කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි කෝට්ටේ නාග විහාරයේදී පැවති කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන නායක හිමිවරුනට අමධ්‍යප සභාවේ ගරු සමාජිකත්ය පිරිනැමීම උත්සවයේ දී පැවසූහ.
‘බණ ගෙදරක, පිරිත් ගෙදරක අද බණ අහන්න අය නෑ. ගෙදර පිටිපස්සේ බාර් ඇරලා. අලුතින් ගෙවදින ගෙදරකටත් ඉස්සෙල්ලාම ගේන්නේ බෝතලේ. මළ ගෙයක් අන්තිම වෙන්නෙත් බෝතලෙන්.
හැම පංසලකම අමධ්‍යප මත්පැණින්, දුම්වැටියෙන් හා මත් කුඩුවලින් බේරා ගත යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අමද්‍යප වියාපාරය දිවි හිමියෙන් කරගෙන ගියේ,එය අලුත් පරපුරට පැවරීම, අවබෝද කර දීම අපි කාගේත් වගකීමක්.ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ වියාපාරය ඉදිරියටම ගෙන යනවට. අපි කෙසෙල්වත්ත අමද්‍යප තරුණ සංවිදානය (ස)
පෙරේරා මහත්තයාගේ කීම හරි. අවවාදයට වඩා ආදර්ශය උතුමි.(නදී)
නිකන් ලැබෙන බත් ටික කාල ඉන්නේ නැතිව මහන්සියට කොල්ලෝ ගහන අඩිය පුඩිය ගැන සොයන්න එපා. ඔයිට වැඩිය දේවල් තියෙනවා කතාකරන්න.(නදී)
එහෙම කියලා කොහොමද ? (දී)
මත් ද්‍රව්‍ය වල තියෙන ආනිසංස කුඩා කාලයේදීම අපේ දරුවන්ට දිය යුතුයි. අද තරුණ පරපුර ටිකක් මත් පැන් වලින් දුරස් වෙලා, අද බොහෝ අය එකට එකතුවීම මත් පැන් හරහා තමයි සිදුවෙන්නේ, විශේෂයෙන්ම සිංහල අය, එය අපේ ආකල්ප වලින් වෙනස් විය යුතුයි.(නදී)
දැන් ශාසනයත් පිරිහිලා ඉවරයි. (නි)
ඕව නිකන් බොරු මවාපෑම් ලකුණු දාගන්න කරන වැඩ. ආසියාවේ අස්චාර්ය සමග වැඩිම මත් පැන් භවිතය මේ කාලයෙදීලු? කියන්නේ නම් මටට තිත කියලා. අර අල්ලපු එතනොල් කේස් එකට මොකද උනේ ? හීනියට යට ගැහුව නේද? (නදී)
අසෝක රාජකපක්ෂගේ අදහස හොදයි. නමුත් අපේ රටේ හාමුදුරුවරු නිකන් ලැබෙන බත් කාලා නිකන් හිටියනම් මෙලහට අසෝක කෙනෙකුත් නැහැ රාජපක්ෂ කෙනෙකුත් නැහැ. අදත් රටට විනයක් කටින කොට හාමුදුරුවරු තමයි කෑගහන්නේ. මේ රට හැමදාම බේරගත්තේ හාමුදුරුවරු හා සිංහල මිනිස්සු. අනෙක් අය සතුරන්ට උලපන්දම් දිදි තම ජීවිකාව කරගෙන ගියඑකයි සිද්ධවුනේ. (නදී)
මත්පැන් බීගෙන, වාහන එලවලා පාරේ යන මිනිස්සුන්ව හප්පලා මරන්නේ කවුද? (නි)
මම බීම නවත්තලා පන්සලට ගියා. පන්සලේ අය බොනවා. ආගම විහිලුවට නොගත යුතුයි. පන්සිල් දෙන අය පිළිපදින්නේ නැත්තම් ,පන්සිල් ගන්න අය පිළිපදින්නේ නැත්තම් මේ අවනඩුව කාට කියන්නද බුදුහාමුදුරුවනේ ?? (නි)
සරත් මම කීවේ මල ගේක අපේ කොල්ලෝ පොඩි අඩියක් ගැහුවම මොකද කියලා.(නදී)
මත්පැනින්,දුම්වැටියෙන් සුදුවෙන් තොරව හැමදෙයක්ම හොදින් කිරීමේ හැකියාව අප සැමට ලැබේවා!(නදී)
මේක වෙන්නේ රට පුරා තැබෑරුම් තියෙන නිසානේ. .ගමේ ගොඩේ රා ටිකක් අහු උනොත් දඩ . මේ හැම දෙයටම වඩා සුදුසු මත් ද්‍රව්‍ය රටින් තුරන් කරන එකනේ .(නදී)
දුම්වැටි අරකු කියන්න මිනිසුන් විනාස කරන මැරයෝ මේ 2 මුළු මනිම්ම තහනම් කල හොත් විනාසයට යන ජිවිත බෙර ගැනීමක් (නු)
මේවා නවත්තන්න උවමනාවක් නැද්ද?(නු)
බුදු තාත්තේ, මෙදාපාර සිංහල හින්දු අලුත් අවුරුද්දට නම් බොන්න එපා. ගෙදර අපි කන්නේ බොන්නෙත් අමාරුවෙන්. විදුලි බිල, වතුර බිල... අනේ තාත්තේ... හිතන්න. බෝන්න නම් එපා... (නි)
පෙරේරා මහත්තයෝ....අනුන්ගේ බීම අපට මොටද?මතින් මිදිය යුත්තේ අපේ යහපතට.(නදී)
අනිත් ආගම්වලට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඇයි අපිටම මේවා නවත්වන්න බැරි? (නි)
මම කියන්නේ එක පාරටම මිනිස්සු බොන එක නවත්වන්න බැහැ, ටික ටික නවත්තවන්න පොළඹවන්න ඕනේ (දී)
නමුත් අපේ ජාතික වගකීමක් තමයි මෙය කොහොම හරි නවත්වන එක, ඉදිරි පරම්පරාව වෙනුවෙන් (දී)