බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.
මාර්ග තදබදය නිසා මෙම සේවය ආරම්භ කළ බවත් පැකේජ තුනක් යටතේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි ගමන් කළ හැකි බවත් ඒ මහතා කියයි.
ඇළ මාර්ගය දෙපස අඳුන් දිවියන්,කිඹුලන් හා මෙරට ආවේණීක කුරුල්ලන් ඇතුළු සතුන් සිටින බව කී ඉද්දවිල මහතා මේ වසර අවසානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කරයි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවය ආරම්භ කරන බව ඒ මහතා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවා නම් කිව්වා වගේ, මොන ආණ්ඩුවෙන් හරි කමක් නැහැ අපිට වෙලාවට වැඩට යන්න වැඩේ කෙරෙනවා නම්. (නි)
මාර්ග තදබදයට හොඳ විසදුමක්?ද සිල්වා බෙර්ලින් පිස්සු දොඩවනවා. ඇයි උදේ හවා වැඩට යන්නද බෝට්ටු සේවයෙන්. (නි)
ඔය වගේම සේවයක් කොළඹ ඉදලා, මාතර යනකම් හෝ දුන්නනම්, මාර්ග තදබදයට අගනා විසඳුමක්. (බ)
මෙවන් දේවල් තමයි දියුණු කළයුත්තේ (නි)
හඳුන් දිවියෝ කෙසේවෙතත් වැල්ලවත්ත පැත්තේ කොටි නම් ඇති. කලබල වෙන්න එපා මම විහිලුවට ලිවුවේ. සංචාරකයන්ට නරඹන්න කෙසේවෙතත් අපේ මාර්ග තදබදයට හොඳ විසදුමක් (නි)
දැන් මේක පටන්ගන්නේ තුනෙනි වරට. පටන්ගන්නවා කිවුවට පැවැත්මක් නැහැ. එ්කයි යළි යළි පටන්ගන්නේ. (නි)
මෙය කලින් ක්‍රියාත්මක වුණ දෙයක් නෙමෙයිද? අලුත් උත්සවයක් තියලා මේක අාපහු පටන් නොගත්තොත් තමයි පුදුමේ
හරි පුදුමයි ශ්‍රී ලංකා! (නි)
මේකත් ගෝඨාගේ පරණ වැඩක් (නි)
ගෝඨා ඕවා හදලා තිබුන නිසා දැන් ඉතින් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඉස්සර ඕවා ඔක්කොම කුණු ගඳට තිබුනේ... (නි)
මේ බෝට්ටු සේවය හොඳයි හැන්දෑවට, පෙම්වතුන්ට හුළං වැදි වැදී නැලවි නැලවී පාවෙන්න (නි)
මට "ආසයි බයයි" බෝට්ටුව මතක්වුණා. (නි)
ගිය ආණ්ඩුව යටතේ ඉදිරිපත් වුණු යෝජනාවක්. ඉතාමත් හොදයි. (ම)
කාලයට අනුව අවශ්‍යතාවයක් (නි)
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)