රංජන් කස්තුරි
බිත්තර ආනයනය කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
දේශීය අවශ්‍යතාවයට වඩා ඉක්ම වු බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළඳපළ තුළ තිබෙන බැවින් දේශිය බිත්තර ගොවීන් ආරක්ෂා කිරිමේ අරමුණින් එම තහනම පැනවු බවද පී හැරිසන් මහතා කීය.
ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තර ආනයනයට අවසර නොදෙන බවද ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ආනයනය. ලංකාවේ විරැකියාභාවය 0 ද? කෘෂිකර්මේ ඉන්න උදවිය පොඩ්ඩක් ඇඟ මහන්සි කරගත්තොත් විරැකියා භාවයට විසදුමකුයි ආර්ථිකයට විසදුමකුයි දෙකම විසඳා ගන්න පුළුවන්.
එක එක නම් වලින් කෘෂි කර්මාන්තයට ඇමතිවරු කීදෙනෙක් හිටියත් දේශීය ගොවියා ගොඩදාන්න කවුරුත් නැහැ.
ඒක හොඳයි... මොකද අපේ ගොවියා නැතිනම් අසරණ වෙනවා.. ඔහුට පාඩුවක් වෙනවා.. දේශීය දේ අගය කොට සලකනවා.
පලතුරු ආනයනයට විශේෂ බද්දක් දාන්න බැරිද?
ලාංකිකයා කියන කෙනාගේ මහන්තත්වකම වැඩියි. ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. වෙන රටවල කෘෂිකර්මයට මොනතරම් තැනක් දෙනවද, ගොවියට ලැබෙන මිල ගැන රජය මොනතරම් වගකියනවද. ඒත් අපේ ගොවියෙක් කිව්වොත් කොළඹ නෝන මහත්තුරුන්ට ඒ මනුස්සයායි ඒ අයගෙ හත් මුතු පරම්පරාවයි ගොඩයෝ. හැම මිනිහටම ඕනෙ දොස්තර හරි ඉංජිනේරුව හරි වෙන්න එහෙමත් නැත්තම් මේ රටින් පිට වෙලා යන්න. අපි එක තැන ඉදගෙන එක ගැටළුවකටවත් විසදුම් නොදී කියව කියව ඉන්නවා. රටේ හොයල බැලුවොත් පලාත් සභාවෙත් මධ්‍යම රජයෙත් හැමතැනම ඇමතිල, අමාත්‍යාංශ, ලෝකේ නැති ආයතන, රටේ නැති නම්වලින් නිලධාරින් උන්ට සහායකයො ඔක්කොම ඉන්නවා. ඒත් වැඩක් කරන්න කෙනෙක් නෑ.
ඉන්දියාව තරහ වෙයිද දන්නේ නෑ........
කෘෂිකර්මේ ඉන්න උදවිය පොඩ්ඩක් ඇඟ මහන්සි කරගත්තොත් විතරක් නෙමේ හැමෝම මහන්ස්යි උනොත් රට දියුණු කරගන්න පුළුවන් තමන්ගේ ආර්ථිකේ උනත් හදා ගන්න පුළුවන්.දන්නා එකම දේ තමයි ත්‍රීවීල් එකක් අරගෙන හම්බ කරගන්න එකත් එදා වේල විතරයි. ඇයි බොනවා හම්බ කරන එකෙනුත්.ඊට පස්සේ මනුස්සයන්ව හප්පලා මරනවා අනේ මන්ද .