නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක බෑනා සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමා අතර මූල්‍ය අපරාධ විමර්ශන අංශය ගැන වාදය අපි මීට පෙරෙ ගෙන ආවෙමු.
එම වාදය තවම අවසන් නැත.
දිවුලපිටියේ පැවැති ජන හමුවක දී රංජන් රාමනායක කීවේ තමාට මාමා ගැන දුක හිතෙන බවයි.
රංජන් මාමා ගැන කියන කතාව පහතින්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රන්ජන් මහත්තයෝ මහාචාර්ය කෙනෙකුට චැලේන්ජ් කරන්න තරම් ? (ම)
සත්‍යාගේ කතාව සත්‍යයයි (නි)
රන්ජන් හිතන්නේ ඇඟේ තරමට තමා මොලේ තියෙන්නේ කියල (බ)
මොහුම කියා ගන්නේ තමන් නරි බෑනාද නළු බෑනාද හරියට ඇහෙන්නේ නැහැ (නදී)
අනේ නළු බෑනෝ, මාමාගේ නියපොත්තක් වුනත් බුද්ධිය අතින් ඔබට වඩා වටිනවා. (බ)
මෙවැනි නළුවන් දේශපාලනයට යැවූ අපිටයි ගහගන්න ඕනෑ (නි)
මෝඩ නළුවා සහ විද්වත් මාමා අතර වෙනස කට ඇරිය ගමන් පේනවා. අනේ අපේ පාර්ලිමේන්තුවට එන සකලබුජන්ලගේ හැටි..(ම)
මටත් හරි දුකයි (නි)
අපට තිබෙන ගැටලුව රන්ජන් කියන්නේ නළුවෙක්ද නැත්නම් දේශපාලනඥයෙක්ද යන්නයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ වෛද්‍යවරුන් දස දහසක් පමණ බිහිකළ යුග පුරුෂයෙක්. එහෙත් එතුමාගේ අවාසනාවකට මුල්‍යය අපරාධ විමර්ශන ඒකකය නිත්‍යානුකූල නැහැ කියන්න ඉදිරිපත්වෙලා. නමුත් මේ ප්‍රශ්නය උඩ වෙනත් මතයක් දැරුවයි කියලා රන්ජන්ට මහාචාර්යතුමාගේ අහලකටවත් කිට්ටු වෙන්න බැහැ. ඒ නිසා දේශපාලනය අතහැරලා රංගනයටම හැරෙන එක හොඳයි. (නි)
මගේ බුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
ඉතින් මාමටම පුළුවන්නෙ මේ ගොන් බෑණගේ මොළේ අයින් කරල ඔයිට වඩා ටිකක් හොඳ මොලයක් හයි කරන්න (ම)
නඩු වැටිලත් තාම තේරුම් අරගෙන නැහැ වගෙයි (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලට මොළේ තියෙනවා කියලා (නි)
මාමලා බෑණලා ඕනෑ එකක් කරගත්තාවේ... (නි)
කාලෝ ෆොන්සේකා වෛද්‍යවරු දස දහසක් පමණ බිහි කරා කියලා ගණන් හැදුවේ කොහොමද? එහෙම බැලුවොත් ඔය ලොකු පාසලක ඉන්න හැම ගුරුවරයෙක්මත් වෛද්‍යවරු දහස් ගණන් බිහි කරලා ඇති නේද? අනේ මේ වර්තමාන ලංකාවේ මිනිසුන්ගේ තත්වය? (ස)
කාලෝ ෆොන්සේකා හොඳ වැඩකාරයෙක්. තරුණ කලේ සමාජවාදය , සාධාරණ සමාජ ක්‍රමය සහ දුෂණයට විරුද්ධ වුණ මේ අය දැන් ලෝක හොරු අල්ලන්න හදනකොට ඒකට විරුද්ධව උසාවි යනවා. (නි)
විද්‍යාඥයා යනු ඒ පිළිබදව හසළ දැනුමක් ඇති, ඒ පිළිබදව පර්යේෂණ කළ, විද්වත් අයෙකි. පුරාවිද්‍යාඥයා, ඉතිහාසඥයා, ආදී ලෙස ගත් කලද එසේමය. එසේනම් දේශපාලනඥයාද එබදු උගතෙකු විය යුතු යයි සිතමි. ඒ අනුව නම් දැන් දේශපාලනඥයෝ නැත. ඇත්තේ දේශපානය කරන මිනිසුන් පමණි....? (ස)