අධ්‍යාපන අර්බුදයට පිළිතුරු නොසොයා විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම හරියට බඬේ අමාරුව හැදුණු කෙනකුට වැසිකිළි දොර වැසීම වැනි ක‍්‍රියාවකියි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවැසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූ විසඳා විශ්වවිද්‍යාල වහාම නැවත විවෘත කරන ලෙසද එසේ නොකළහොත් මෙරට සියලූ ජන කොටස් ඒකරාශී කරගත් දැවැන්ත විරෝධතාවකට ජ.වි.පෙ. පෙළ ගැසෙන බවද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ ළමයි (නි)
තෝමස් හරියට වටහාගෙන නැහැ වගෙයි (නි)
අතීසාරෙට අමුඩ ගහන්න පුලුවන් එකේ ඕකත් මොන ප්‍රහ්නයක්ද? (නි)
තමන්ගේ දරුවන්ව පුද්ගලික සරසවි වලට යවන්න හිතාගෙන ඒකට අමතර දිමනාවක් විදියට වැඩි පඩියක් ඉල්ලනවාවද්ද කියලා කවුද අනේ දන්නේ? (නි)
ජේ.වී.පී. එක නොතිබුණා නම් විශ්ව විද්‍යාල ටික මේ වන විට සදහටම වැසී ගොඩක් කල්. (නි)
ඕකට හොදම විසදුම තමයි 'පුද්ගලික වැසිකිළි'. (නි)
අපි අපේ දරුවන් සදහා කළයුතු ඉහළම ආයෝජනය නම් ඔවුන්ට ඉහළ අධයාපනයක් ලබා දීමයි. (නි)
අනේ, මගෙ රට ගැන මට දුකයි. (නි)
ඉඩේ අමාරුවක් නම් වැසිකිළියට ගිහින් හරියන්නේ නැහැ. දොස්තර කෙනෙක්ව හමු වෙන්න ඕනෑ. (නි)
බඩේ අමාරුවනම් දොස්තර කෙනෙක් හම්බවෙන්න ඕන ..... (ස)
ඔයාලට හොඳ සටන් පාටයක්
අපි දවල්ට පෙළපාලි යනවා. රෑට මැච් ගහනවා (අ)
ඕවා වෙන්න ඕනෑ එන්ගලන්තයේනේ. (නි)
'කල දුටු කල වළ ඉහ ගනු' කිවුවලු. (නි)
වෙන වැඩකුත් නැහැනේ ඉතිං. (නි)
විශ්ව විද්‍යාල ආචාරයවරුන් සහ විශ්ව විද්‍යාල සීසුන් ගේ අරගල නිසා තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය මේ දක්වාවත් රැකුණේ. ඒවා නැති වුණු දාට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වුණහම බොරුවට ඔය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාල සීසුන් ගේ අරගල වලට බණින අය අසරණ වෙන හැටි බලා ගන්න පුලුවන්. නිදහස් අධ්‍යාපනය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අපි කාගේත් යුතුකමක්. නිදහස් අධ්‍යාපනය අපේ රටට හදුන්වා දුන් කන්නගර මැතිතුමාට අපි හැමෝම ණයගැති වෙන්න ඕනෑ. (නි)
ඒ කතාව නම් හරියටම හරි (නි)
සරසවිය වැහුවට ලොක්කන්ට ගානක් නෑ අනේ.. (ස)
අපේ අනාගතය එක්ක කරක් මේ සෙල්ලමට මේ අයට මොනවා උනත් මදි (ස)
ඒ වුණත් අපි ඡන්දෙ දෙන්නේ මේ අයටම තමයි. මොකද අපිට සරසවි ඕනේ නෑ. මැච් තිබ්බොත් ඇත. (අ)
අනේ ටෝය්ලට් එක ඇරලා දෙන්නකෝ නැත්නම් ලංකාවම ඉවරයි.(ස)
ඇමතිලා දෙන්නා කොහොමත් මොන වගේද කියලා රටම දන්නවානේ. (නි)
මේ ආචාරවරු මේ දක්වා රටට කපු සේවය මොකක්ද, අලුත් නිර්මානයක් කරල තියෙනවාද, කළ එකම දේ තමයි සුද්දෝ ඉංග්‍රිසියෙන් කියපු දේ මේගොල්ලේ සිංහළෙන් හොඳට කියනවා. (අ)
විශ්ව විද්‍යාල වසා දැමීම අපරාධයකි. (නි)
ලංකාවේ වෙන්නේ කොහොමත් ඒ ජාතියේ වැඩනේ. (නි)
මොනවා විනාශ කළත් කමක් නැහැ අධ්‍යාපනය නම් වනසන්න එපා... (නි)
එගොල්ලන්ට නම් පුදුම බඩේ අමාරුවක් තියෙන්නේ (අ)
ලස්සන උපමාවක් (අ)
මේ ආචාර්යවරු රටට කරපු සේවයක් නෑ. මේවනතෙක් එක නව ප්‍රවාදයක් හරි නව සන්කල්පයක් හරි ඉදිරිපත් කරල තියෙනවද??????? සුද්දො කියන දේ සිංහලට හරවල ගිරව් වගෙ කියවනව........මේ අය බුද්ධිමත් අය නම් මෙ වනකොට අපේම දෑනුමක් අපට ගොඩනගා ගන්න පුලුවන් කම තියෙන්න ඔනා. එත් තාම අපි භාවිතා කරන්නෙ අපිට නොගෙලපෙන සුද්දගෙ දනුම.. (අ)
කට්ටිය වැඩේ එලියේ කරයිද දන්නේ නැහැ.(ස)
මෙච්චර කාලෙකටත් කළේ ඉතිං ඕකමනේ. (නි)
ඕක ඇරියේ නැත්නම් බඩේ අමාරුව හැදිච්ච කට්ටියට කෙසේ වෙතත් ඔය කෑ ගහන කට්ටියට නම් යන එන මං නැතිවෙයි. (නි)
සල්ලි දීලා යන ඒවට ජනතාව වතුර ගහලනේ එන්නේ. පිනට යන්න පුළුවන් ඒවට එහෙම කරන්නේ නැහැ. ඒකයි දුඟඳ හමන්නේ (අ)
පහසුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න මග හදා ගන්න දැන් පුලුවන්. (අ)
මොනවාද මේ කතා(අ)
කමක් නැහැ. ඊළග මාසේ ටී20 බලලා මේවා අමතක කරමු (නි)
ප්‍රශ්නය තියෙන්නේ වෙන කොහේවත් නොවේ, මෙම අධ්‍යාපන ක්‍රමයේයි (නි)
මට තෝමස් ගේ දැනුම ගැන දුකයි (නි)