
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු බටහිර ඉවුරේ සිය පවුල ගමන් කරමින් සිටි සත් මසක් ඇති පිරිමි දරුවෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වෙඩි තබා ඝාතනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සෑම් ෆාඩ් අබු හයිකාල් නම් සත් මසක් වයසැති ළදරුවකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල හමුදාව සෑම් සහ ඔහුගේ පවුල ගමන්ගත් මෝටර් රථය නැවත්වීමට අණකර ඇති බවත් මෝටර් රථය නැවැත්වූ අවස්ථාවේ ඊශ්‍රායල හමුදාව මෝටර් රථයට වෙඩි තබා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සෑම් රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී එම ළදරුවා මියගොස් ඇති බවත් එම වාර්තාවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd