නුවරඑළියේ මිපිලිමාන රජයේ බීජ අර්තාපල් ගොවිපළේ කළමනාකරුගේ (44) සිරුර ගොවිපළේ ජලාශයක් හිස්කර සොයාගත් බව පොලිසිය පවසයි. බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00ට පමණ සිය නිල නිවසින් පිටතට ගිය කළමනාකරු ආපසු නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලද්දී ඔහුගේ සීත ඇඳුම් හා සෙරෙප්පු ගොවිපළේ ජලාශයක් අසළ තිබෙනු දැක සේවකයන් විසින් පොලිසියට දැනුම් දී තිබිණි. පොලිසිය පැමිණ ගොවිපළේ සේවකයන්ගේ සහය ඇතිව ජලාශය හිස්කරද්දී කළමණාකරුගේ සිරුර එහි තිබී සොයා ගැණිනි. කළමනාකරු කුලියාපිටියේ පදිංචි තිදරු පියෙකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රී 11.00 ට නිවසින් පිටවීයාමෙන් සිදුවී ඇති මරණය සැකයට තුඩුදෙන කාරණයක් වියහැකිය. කවුරුන් හෝ තල්ලු කෙරුවාවද්ද? එහෙමත් නැත්නම් වැටුනාවද්ද? (නි)
සීතලේ රෑ 11.00 සෙරෙප්පු දාගෙන කොහෙද ගියේ ? (නදී)
සුමේධ මගේ ගමේ එමෙන්ම එක පන්තියේ ඉගෙනගත් මිතුරෙක්. කිසිදිනක තනතුරු වලින් හිස උදුම්මා නොගත් මුදල් පසුපස් හබ නොගිය රාජකාරියට ප්‍රමුකත්වය දුන් ඉතා අවංක නිහතමානී මිනිසෙක්. ඔහු වෙනි ශ්‍රේෂ්ට නිලදාරියෙකුගේ වියෝව රටට සිදුවූ විශාල පාඩුවක්. මේ මරණය අබිරහසක් වන්නේ ඉතා පාඩු ලැබූ ආයතනයක් ලාබ ලබන තත්වයකට ගෙන ඒමට ඔහු සමත් වූ නිසා. ඉර්ෂ්‍යාකාරයින් සිටිය හැකි නිසයි. (නදී)
මෙවැනි ප්‍රදේශවල මෙවැනි තනතුරු දියයුත්තේ විවාහකයන්ට පමණි. විවාහක අය සිය බිරින්දෑ සමග නිල නිවාසයේ ජීවත් විය යුතුමය . (ස)