අද පස්වරු එකට පමණ බගවන්තලාව මොරාවතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවෝ තිස් දෙදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියන් තමා රස උතුරන මල්වැල් ඔවුන් සොයාගෙන යමු.... (නි)
මිනිස් කාන්තාවන්ට සෑම සත්ව වර්ගයාම අකමැතියි වගේ පේන්නේ..!(නු)
මී වදයකි ජීවිතේ.. මී පැණි පිරිලා ඇති..!(නු)
මේ දිනවල නිතරම බඹර ප්‍රහාර ගැන පුවත්.මොකක් හරි පාරිසරික බලපෑමක් වත්ද...(අ)
කාන්තාවන් තමා වැඩිපුර තේදළු නෙලන්නේ.. නමුත් මේ පරිසර විපර්යාසයක පෙර දැක්මද කියලා බයක් තියෙනවා..!(නු)
බඹරෙකු ආවයි නිරිත දිගේයා.. ඇවිදිං කෑවයි දකුණු අතේයා..!(නු)
බඹරා යනු ජනාවාසී සත්වයෙකි. බඹරුන් වද බැඳීම සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ වනාන්තරයක පිහිටි රූස්ස ගසක අතුවලය. බොහෝවිට එක් ගසක බඹර ජනාවාස 10-15 පමණ දැකිය හැක. බඹරාට වඩා විසෙන් වැඩි දෙබරා සිය ජනාවාසය තනිව ඉදිකරන බව පෙනේ. මේ දිනවල නුවරඑළිය ප්ර5දේශයේ තේ වතු ආශ්රිැතව බඹර ජනාවාස ඉතා විශාල ප්රකමාණයක් දැකිය හැක. මෙම දිස්ත්රිේක්කයේ වැඩි භූමි ප්රවමාණයක් තේ සහ එළවළු වගාව සඳහා හෙළි පෙහෙළි වී ඇති බැවින් තේ වතු ආශ්රිෙතව ඇති සෙවන ශාක සහ යුකැලිප්ටස් වැනි දැව ශාක බඹරුන් සිය වාසස්ථාන ඉදිකර ගැනීම සඳහා තෝරා ගෙන ඇති බව පෙනේ. ක්ෂේත්ර රාජකාරි කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්රිකක්කයේ මස්කෙළිය, ඩයගම, බොගවන්තලාව ආදී ප්රආදේශ වල සිදුකරන ලද සංචාරයන්හිදී තේ වතු ආශ්රිුතව මෙවැනි බඹර ජනාවාස සිය ගණනක් මා මේ දිනවල නිරීක්ෂණය කර ඇත. එසේම මෙතෙක් තර්ජනයක් වාර්තා නොවුවද මෙම ප්රිදේශවල දෙබර ජනාවාස කිහිපයක් ද මා දැක ඇත. සන්සුන්ව සිටින විට බඹරුන්ගෙන් හානියක් නැති නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම බඹර ජනාවාස උකුස්සන්ගේ ප්ර හාරයන්ට ලක්වන බව පෙනේ. එවිට බඹරුන් ඇවිස්සීම සිදුවී මෙවැනි තත්වයන් ඇතිවේ. එසේම පරිසර උෂ්ණත්වය ඉහළ යාමද මෙම සතුන්ගේ අසහනකාරී ත්තවයන්ට හේතු වී ඇති බව පිළිගත හැක. (අ)
බඹරිනිදු බඹරින්දු කුමට වඩින්නේ.. වනමල් කැකුලිය සොයා වඩින්නේ..!(නු)
විහගා කනවෝ..!(නු)
මෙවැනි දේ සිදුවීමෙන් යමිකිසි හේතුකාරකයක් පසුපස තිෙබන බව වටහාගත යුතුය.(නු)
මේ බඹරුත් අනින්නෙම වැඩිහරියක්ම කාන්තාවන්ටමයි.. කකුල්ලුත් කොටනවා කියලා ආරංචියි..!(නු)