ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 9 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (9 වැනිදා) පැවැති පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 7 කින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල පරාජය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 162 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 17.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
බැංගලෝර් පිල වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 47 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත් විය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 161
(පර්තිව් පටෙල් 20, කුමාර් සංගක්කාර 23, තිසර පෙරේරා 40, කැමරොන් වයිට් 52, ආර්. පී. සිං 27/3)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 17.4 කදී කඩුලූ 3 ට 162
(මයාන්ක් අගර්වල් 29, ක‍්‍රිස් ගේල් 13, විරාට් කෝලි නොදැවී 93)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු බිත්තර ගහන්න ඕනෑ කාටද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
සංගක්කාරට චකිත නිසා බැට් එකට එන බෝලේටවත් ගහන්න බැහැ වගේ.(නදී)
අනික් පිලේ ඩිල්ෂාන්ව කපලද?(නදී)
කුනු බිත්තර සදහා ඈනවුම් බාර ගනු ලෑබේ.(නදී)
සල්ලි ගැන සිතලම නොවෙයි , රට වැසියන්ගෙ ආදරය කරුණාව ඇතිව තමයි කි‍්‍රකට් ගහන්න යන්න ඕන. නැත්නම් ඹය අයගෙ කිසිම වැදගත් කමක් නැහැ. සල්ලි ගැන පමණක්ම සිතන ක‍්‍රීඩකයො නිසා රට වැසියන්ටත් ක‍්‍රිකට් දැන් එපා වෙලා.(ස)
තිසර ගොඩාක් අන්ඩර් රේටඩ් බැට්ස්මන් කෙනෙක්! සනත් මුල් කාලෙ වගේ! දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්!(නදී)