කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම සිවුදින තරග දෙකින් සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලියක් සඳහා මේ මස 7 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යයි. එන්. සී. සී. පිල නියෝජනය කරන සඳුන් වීරක්කොඩි කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.
මෙම සංචිතයේ පළමු ක‍්‍රීඩකයන් 16 සිවුදින තරගාවලියට නම් කර ඇති අතර සංජික රිද්ම සහ රමේෂ් මෙන්ඩිස් එක්දින තරගාවලිය සඳහා පමණක් නම් කර තිබේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක - මොරටුව වේල්ස් කුමර), සඳුන් වීරක්කොඩි (උප නායක - එන්. සී. සී.), සදීර සමරවික‍්‍රම (කොළඹ ශා. ජෝශප්), මිනෝද් භානුක (කුරුණෑගල මලියදේව), තරිඳු කුලසේකර (තර්ස්ටන්), හෂාන් දුමිඳු සහ රොෂාන් අනුරුද්ධ (කැලණිය ගුරුකුල), පවන් දේවින්ද (කොළඹ මහානාම), චාමික කරුණාරත්න (කොළඹ රාජකීය), ඩිල්ෂාන් කාංචන (රත්ගම දේවපතිරාජ), බිනුර ප‍්‍රනාන්දු (කොළඹ ඞී. එස්. සේනානායක), චරිත් රාජපක්‍ෂ (කේරි විදුහල), ලක්‍ෂාන් ජයසිංහ සහ දිනුක් වික‍්‍රමනායක (මහනුවර ත‍්‍රිත්ව), සවීන් නානායක්කාර සහ ඒ. කේ. ටිරෝන් (ගාල්ල රිච්මන්ඞ්), සංජික රිද්ම (මාතර ශා. සර්වේසස්) සහ රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක)
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
627
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංග්ලාදේශ සංචාරයට යෞවනයෝ 18 ක්
සුජිත් රත්නායක Friday, 05 April 2013 09:53 PM
ජයවේවා! නියම කොල්ලො ටික. ගුරුකුලට ජයවේවා! (නි)