ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පැවැති තෙවැනි තරගයෙන් කඩුලූ 1 ක තියුණු ජයක් ලබමින් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.
මෙහිදී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සදීර සමරවික‍්‍රම (83) සහ සඳුන් වීරක්කොඩි (65) පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 50 දී කඩුලූ 8 ට 277
(කුසල් මෙන්ඩිස් 47, සදීර සමරවික‍්‍රම 83, සඳුන් විරක්කොඩි 65, දිනුක් වික‍්‍රමනායක 26, රමේෂ් මෙන්ඩිස් 13, චාමික කරුණාරත්න 16, ජුබායිර් හොසේන් 60/3)
බංග්ලාදේශ වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 281
(ස්ලාම් අනික් 18, ෂීක් එමොන් 74, මොසඩික් හොසේන් 97, අලී චෞද්රි නොදැවී 22, බිනුර ප‍්‍රනාන්දු 71/2, චාමික කරුණාරත්න 63/2, රමේෂ් මෙන්ඩිස් 37/3)
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd