බංගලිදේශයේ බෞද්ධ ගම්බිම් වැනසීමට එරෙහිව ලන්ඩනයේ බෞද්ධයෝ ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ලබන 11 වැනිදා පස්වරු 2 - 4 දක්වා උද්ඝෝෂණයක් පැවැත්වීමට යති.
මේ අතර ඉතාලියේ බංගලිදේශ හා ශ්‍රී ලංකා බෞද්ධයන් සංවිධානය කළ උද්ඝෝෂණයක් රෝමයේ බංගලිදේශ කාර්යාලය ඉදිරිපිට ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය. වැනසූ දේපොළවලට වන්දි ගෙවන ලෙසත් අපරාධකරුවන් නීතිය හමුවට ගෙනඑන ලෙසත් ඔවුහු ඉල්ලති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බෞද්ධයන්ට මෙහෙම කරන්නේ . අපිත් ඔබ සමග ඉන්නවා (ස)
ආගමික ස්ථාන වලට පහරදීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. (නි)
මුස්ලිම් බැතිමතුන් විසින් දැන් කළ යුත්තේ වත්මන් සිදුවීම් ගැන අවධානය යොමු කිරීමයි. (නි)
අපිත් ඔබ සමඟයි (ස)
මියන්මාරයේ ඉන්න දුෂ්ටයින්ගේ වැඩ වල ප්‍රතිඵල තමයි. (නි)
බන්ගලිදේශයේ බෞද්ධ පාලන කලාපයක් බිහිකරමු. එකම විසදුම ඒකයි. (නි)
අප ඔබ සමගයි (අ)
ඔන්න පටන් ගන්නවා ටික ටික ජාතිවාදය. මෙතනින් නැවතුනොත් ඇති. (නි)
සිංහලය මෝඩයා කැවුම් කන්න යොදය කියන කතාව ඇත්ත. අන් ආගමික ප්‍රශ්නයක් පල වූ විට අපේ අදහස් සිය ගණන් ලියන ආය අපට ප්‍රශ්නයක් ආ විට නින්දේ. මොහමඩ් ට තේරුණු එක අපේ කට්ටියට තෙර්න්නේ නැහැ. (අ)
බංගාලියෝ යනු මොළයක් නැති මිනිසුන් කොට්ඨාශයක් බව මැදපෙරදිග රටවල් වල සේවය කරන ලාංකිකයන් දනී. මෙම ක්‍රියාව ඉතා පිළිකුලෙන් හෙළාදකින අතර දැඩි දඩුවම් දියයුතුයි. (නි)
කුරානයට අනුව සියලුම ආගම් වලට ගරු කළ යුතුයි. නොමග ගිය සුළුතරයක් නිසා මෙය සිදුවී තිබේ. බහුතරයක් මුස්ලිම් අප මෙය හෙළා දකිනවා. අපේ සහෝදර බෞද්ධ ප්‍රජාවට අපේ බලවත් කණගාටුව. (නි)
අපි ඉන්නේ බංගලාදේශයේ අපිත් මේකට තදින්ම විරුද්ධයි.. නමුත් ලංකාවෙ බංගලාදේශ තානාපති කාර්යලායට ගැහුවොත් මෙහෙ ඉන්න අපට මැරුම් කන්නයි වෙන්නේ.. මෙහෙ අය කිසිම දෙයක් හොයා බලන්නේ නැහැ අපිට ගහනවා.. ලංකාවෙ ඉන්න අයගේ වැඩ නිසා බංගලාදේශයේ ඉන්න අපිටත් ආරක්ෂාවක් නැති වෙනවා..!(නු)
මොහොමඩ් කියන්නේ ඇත්ත. මිනිස්සු කරන්නෙම මෝඩ වැඩ. අපි අනෙක් ආගම් වලට ගරු කළ යුතුයි. (නි)
කෝ ලංකාවේ සමිති සමාගම්, කවුරුත් නැද්ද? බංගලිදේශ තානාපති කාර්යාලයට සාමකාමීව විරෝධය පළකරමු. (ස)
කන්න නැතුව මියගියත් බන්ගලිදේශය කරන වැඩ? මාගේ බලවත් විරෝධය බන්ගලිදේශයට. (නි)
මේ ගැටළු වලට වෙන වෙන හේතුත් බලපානවා (නි)
බංගලිදේශයේ බෞද්ධ ගම්බිම් වැනසීම මැයෙන් පළවූ ලිපිය කියවීමෙන් මා තුළ ඇතිවූ සංවේගයත් සමග සියථම දෙනාට දැන ගැනීම පිණිස මෙසේ සටහනක් තබමි. මෑත කාලයේ අහන්න දකින්න ලැබෙන සිදූවීම් වලින් බෞද්ධයන්ට තරම් අසාධාරනයක්, පවතින වෙන කිසිම ආගමකට වෙලා නැතිව ඇති. මෑතකදී මූස්ලිම් ආගමට යම් අසාධාරනයක් වුණත්, සියථම මූස්ලිම් රටවල් නැගී සිටීමෙන් එයට විසදූමක් ලෙස නීති මාර්ගයෙන් ක්‍රියා කරමින් බලවත් රටවල් ප්‍රසිද්ධියේම ඇතිවූ වැරද්දට සමාව අයදමින් සිටිය අයූරු ඔබ සැම දකින්නට ඇති. එහෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අදහන බෞද්ධ ආගමටත් නින්දා අපහාස කරමින් කිසිම ගරුත්වයක් නොදක්වන අයූරු මනාව පැහැදිලිවන අතර, සපත්තූ වල සහ ඇදූම් වල වගේම යට ඇදූම් වලත් ඒ වගේම ඉතාලියේ මිලානෝ වල ෂැම්පූ ටියූබ් වල පවා බූදූන් වහන්සේගේ රුව යොදාගෙන වෙළද පලට නිකූත් කළද ලෝකේ කිසිම රටක ඇතිවෙලා තිබෙන වැරැද්දට නීති මගින් කටයූතු කරනවද? නැත. දැක්කත් නොදැක්කා ගානට ඉන්න බව නම් පැහැදිලිය. ගරු ජනාධිපතිතුමනි, ලෝකයා අමතන අවස්ථාවේ බූදූන් වහන්සේට මෙවැනි අපහාස වෙන ආකාරයේ සිදූවීම් වළක්වා ගැනීමට ක්‍රියා මාර්ගයක් ගැනීමට සහ උන්වහන්සේගේ තෙමගුල් සිහි කිරීමට ලෝකයේ නිවාඩූ දිනයක් සම්මත කර ගැනීමටත් ඔබතූමාගේ අවධානය යොමූ වේවා! (නි)
බෞද්ධයන් නම් කොහෙත් අසරණයිනේ. බංගලිදේශයේ විතරක් නොවේ, ශ්‍රී ලංකාවෙත් බෞද්ධයන් අසරණයි. සිංහලකම ගැන, බෞද්ධකම ගැන කතා කර්නනා ජාතිවාදියෙක් කියලා හංවඩු ගැසීමකට ලක්වෙනවා. (නි)
කෝ අපේ වගකිවයුත්තෝ! (නි)
මෙහෙම වෙන්න හේතුව කුමක්ද? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ නේද ?,(ස)
ඇත්ත. ආගමික ස්ථාන විනාශ කිරීම වැරදියි. නමුත් මෙම ප්‍රශ්ණය ඇති වීමට ප්‍රධාන හේතුව ඉස්ලාම් ආගමේ ශුද්ධ කුර්ආනය ගිණි තැබීම හා ෆේස් බුක් එකේ එම කුර්ආනය නිගා කොට ලිවීම. එම නිසා කවුරු කවුරුත් ප්‍රශ්නය ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක් දැයි බලා මත පවසන්න. සෑම ආගමකටම ගරු කළ යුතුයි එතකොට මෙම ප්‍රශ්ණ කිසිවක් නැහැ. (නි)
ලන්ඩන් ජනතාවට සහ රෝමයේ ජනතාවට සියලු බෞද්ධ ලෝකවාසී ජනතාවගේ ප්‍රනාමය.බෞද්ධ ජනතාවට සිදුවන අසාධාරන ලෝක ජනමධ්‍ය කථානොකිරීම කනගාටුවට කරුණකි (ස)
තම ආගමේ හරය හරිහැටි වටහා ගත්තා නම් අනෙක් ආගම් වලට, අනෙක් මතවාදයන්ට ගරු කරනවා නිසැකයි. (නි)
අන්‍ය ආගම් වලටත් ගරු කළ යුතුයි (නි)
බහු ජාතීන් අතර ජීවත් උනොත් ජාති භේධ කියන දේවල් හිතට නැගෙන්නේ නෑ (ස)
ලෝක බොදු ජනතාවම එක්විය යුතුයි (ස)
බේරුවල මොහොමඩ්ගේ කතාව හොදයි. ඔයවගේ මුස්ලිම් අය හුගක් ඉන්නවා නම්.... ඔයාට බුදු සරණයි! (නි)
අපිත් මේ සමගයි! (නි)
බන්ගලිදේශය වගේ රටකට බෞද්ධාගම හොද වැඩියි. අපි වෛර නොකර මෛත්‍රී කරමු. ආදර්ශය තමයි උතුම් වන්නේ. (නි)
මැච් එක අස්සේ මෙහෙම දේකුත් වෙලාද? (ස)
ඔබාමා අරාබියට ගහන එකම තමයි හොඳ ? (ස)
මොහොමඩ් මහත්තයට මේක තේරුණාට, ලංකාවෙ ඉන්න බෞද්ධ දේශපාලනය කරන අයට තේරෙන්නෙ නෑනෙ. එය පිළිබදව අපට කණගාටුයි. අඩුම තරමේ මේ සිද්ධ වුණ දේට විරුද්ධවවත් කථාකළේ නැහැනේ. (නි)
ආගමික වශයෙන් වෙන්නොවී ඉම්මු
මේවට පාරට බහින්න අපේ කවුරුත් නැහැ (නි)
පන්සල් වලින් ඉටුවන කාර්යභාරය ගැන ඔවුන් නොදන්නවා ඇති. එය දන්නවා නම් මෙසේ කරන්නේ නැත , මන්ද ලංකාවේ තිබෙන බොහෝ පන්සල් වලින් මිනිසුන්ට කොතරම් නම් සෙත සැලසෙනවා ද? කුඩා ගංවතුරක සිට මහා සුනාමිය දක්වා වූ ව්‍යසසනවලදීත් මිනිස්සුන් බොහෝ අය ජාති ආගම් භේදයෙන් තොරව පන්සල් වලට ගොඩවන බව බේරුවල සිටින අප නම් හොදින් දනිමු. මෙසේ පැමිණ දින කිහිපයක්ම පන්සල්වලින් ආහාරගත් අයට ආගමික ස්ථානවල වටිනාකම දන්නවා ඇති. එහෙත් මේවා නොදන්නා අය ලෝකය පුරාම සිටින බව නම් පැහැදිලිය. මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමි. (ස)
ෂාන්, ඔබට පින්. අපේ ලංකාවේ සිටින බෞද්ධයින්ගෙන් 50%ක්වත් ඔබ වැනිව සිතුවා නම් අපි කොතරම් වාසනාවන්තද (නි)
අසිත! - බෞද්ධ විහාරවලට කුඩු පට්ටම් වෙන්න ගහල තියෙද්දී ඒ ගැන කතා කරපු ගමන්, 'ඔන්න ජාතිවාදය' පටන් ගන්නවා කියන්න තරම් බොළඳවීම ගන නම් කණගාටුයි. ඉස්ලාම් ආගමේ නොවන ඕනම කෙනෙක් එක විදියක සතුරෙක් විදියට තමයි කුරාණේ තියෙන්නේ. අනික ඉස්ලාම්හි බුදු පිලිම වගේ ඒවා වන්දනාව අනුමත් කරන්නේ නෑ. ඉතින් ඒවා එයාලට 'ඉවසන්න බෑ', මොකද ඉස්ලාම්වල තමන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්නවට අමතරව, 'ගොඩ' වැඩිකර ගන්නත් පොලඹවනවා! ඒවායින් එකක් තමයි, අනෙක් ආගමික ස්ථාන විනාශ කිරීමත්, ඒ අයව ඉස්ලාම් කර ගැනීමත්. කිව්වට තරහ ගන්න එපා, ඉස්ලාම් ආගමේ කොතනකවත් නෑ අනෙක් ආගම්වලට ගරු කරන්න කියලා, කියන්නේ අනෙක් ආගම් ඔක්කොම බොරු කියල මිසක්. මම අභියෝග කරනව පුලුවන් නම් ඔප්පු කරන්න කියලා! අපි පල්ලි කඩන්න ගියෙ නැතත්, එයාලගේ ආගමේ-දැක්ම ගන දැන ගත යුතුයි! ඒක ජාතිවාදය නෙවෙයි!!! මොකද ඔය කුරානේ ලිව්වෙ අපිද? (ස)
අසිත - බොරු දේශ ප්‍රේමය තේරෙද්දී ඔයා ගොඩක් ප්‍රමාද වෙලා තියෙයි. ඔයාගේ ගෙට අල්ලපු ඉඩමේ මුස්ලිම් පල්ලියක් අටවන් පාන්දර 4.30 ඉඳලා දවසට 5 වතාවකුයි, තව දේසනාවලුයි තියන්න ගත්තම, ඊට පස්සේ, ඔයා මොනවා කිව්වත්, ඒක අපේ ආගමේ හැටි කියලා ගනන් ගන්නේ නැතිව 'ඔනම කෙනෙක්ට ආගමක් අදගන්න මේ රටේ අයිතියක් තියෙනවා' කියන තැනට එනකල් ආවම ඔයාට තේරෙයි. ළමයෙක්ව නිදි කරව ගන්න නෑ, වයසක මනුස්සයෙක්ට පාඩුවේ සැනසිල්ලේ ඉන්න නෑ... රාමසාන් කාලෙට ටකයක් ගහගෙන යනව පාන්දර 2ටත්! අපිට කමක් නෑ කවුරු මොන ආගම පස්සෙ ගියත්. හැබැයි ඒක කාටත් කරදරයක් නොවෙන්න ඕනා. මොකද මට වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මම දන්නවා ඔය කියන සහජීවනේ තරම! (ස)
මතකද අපේ දළදා මාළිගාවට පහරදීම? (නි)
නීතියෙන් දඩුවම් නැති වුණත් දිට්ට ධම්ම වේදනීය කර්මය මේ හැමෝටම පටිසන් දේවි. (නි)
මේ වගේ ගැටළු නිසා තමයි ලෝකය අද අවුල් වෙලා තියෙන්නේ (නි)
ලෝක වාසි සාමකාමී සහජීවනය අගයන සියලු බෞද්ධ, අබෞද්ධ ,පින්වත්නි මෙම උද්ඝෝෂණය සදහා සහභාගි වී මෙය සාර්ථකව පවත්වමු. "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා".,(ස)
යම් ආගමක් හරි හැටි අදහන පුද්ගලයෙක් කිසි විටෙකත් අන් ආගම්වලට අපහාස නොකරයි. බංගලාදේශ ජාතිකයන්ගේ මෙම අමන ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමු. වරදකරුවන් නීතියේ රැහැනට පමුණුවා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස එරට රජයට බල කර සිටිමු. එරට රජය සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව ඇයදිය යුතුයි. (ස)
අරවින්දගේ අභියෝගය භාර ගැනීමට මම ලෑස්තියි.ඔබව හමුවීමට හැකි වේලාවක් කියන්න මම ඇවිත් හම්බ වෙන්නම්.මම කියන්නම් ඉස්ලාම් යනු කුමක්ද කියා.....නොදන්න දේ ගැන කථා කිරීමේ ඵලයක් නැත.එම නිසා අනුන්ගේ ආගම්වලට දොස් කියන්න පෙර තමන් අදහන ආගම ඉගෙන ගන්න..එක් සත්‍ය ආගමක් අනෙක් ආගම් සියල්ල ප්‍රතික්ෂේප කළ යුතුයි නැතහොත් එම ආගම බොරුවක් වේවි..මෙම සුළු දේ පවා වටහා ගන්න බැරි අයද මත ප්‍රකාශ කරන්නේ?(ස)
සමන්- කියන මතය තමන්ම තමුන් අදහන ආගමට එය හරවා බලන්න එතකොට තේරෙයි ඔයා කියපු මතයේ යථාර්තය.....තම තමන් අදහන ආගම ගැඹුරට ගොස් ඉගෙන ගන්න එතකොට මෙවැනි නූගත් අදහස් ප්‍රකාශ වෙන්නේ නෑ..මෙය සමන්ගේ වරදක් නොව ඔහුගේ දැනුමේ අවසානය ප්‍රකාශ කිරීමක් පමණයි...සමන්ට දැනුම වැඩි කර ගැනිමට මම ප්‍රාර්ථනා කරමි......(ස)
සර්වාගමික කට්ටිය කොහෙද ඉන්නේ (ස)
අරවින්ද, එහෙනම් ඔය ඕනෑතරම් ජාතිවාදය කතාකරන්නේ. මරාගෙන මැරෙන්න. මට කිසිම පාඩුවක් නැහැ. (නි)
යොවුන්සලවි, හොරෙන් හොරෙන් අරවින්දට විතරක් කියල දෙන්න හදන්නෙ ඇයි? අපි හැමෝටම දැනගන්න මෙතන දාන්නකො.(ස)
ඒ දේ ලෝකෙම යුතු කමක්
අපිත් කියන්නේ ඕකම තමයි
පන්සලේ වටිනාකම දන්නා එක මුස්ලිම් කෙනෙක් හෝ ඉදීම ගැන සතුටුයි . අපි ඒ ගුණවත් කමට ගරු කරමු. ,(ස)
මේවට නියම කාලෙට වෙන්න ඕනෑ දේවල් වෙයි. මතකද බාමියන් බුදු පිළිම... (නි)
බුදුදහමට නිගා කරන අයට හිමි අපායයි (ස)
ඕවා ගැන කතාකරනවා අඩුයි, බංගලි බෞද්ධයෝ දුප්පත්නේ (ස)
කෝ අපේ මාරන්තික උපවාසයේ යෙදුනු අය, කෝ අපේ පූජා නවත්වපු අය......ඇයි නිශ්ෂබ්ධ.??? මෙන්න ඔබේ අවස්ථාව (ස)
ශම්ස්, කුරානයේ ඕක තියෙන තැන කියනවද? (ස)
බුදු දහම රැක ගන්න අපිත් එකතු වෙන්න ඕනේ (දී)
උදය, මොහොමඩ්ගේ ඇති හොදක් නැහැ. ඕවා තැතිගැන්මට කියන කතා මිසක් හදවතින් කියන ඒවා නෙමෙයි. (නි)
යෝනුසලවි-"සෑම ආගමකටම ගරු කළ යුතුයි".හෙට මම ආගමක් පටන්ගන්නවා . දෙයියන්ගෙන් මට පණිවිඩ එනවා ලෝකයේ සාමය සදහා සියලුම x නම් ආගමේ අය මරාදැමිය යුතුයි කියල. මේකට තව බහුබූත අමුණල ශුද්ධ ග්‍රන්ථයකුත් හදා ගන්නවා. දැන් හරි දෙයියො ඉන්නවා ,පහසුකම් තියෙනවා, පොත තියෙනවා. දැන් අනුගාමිකයො ටිකක් හදාගෙන ඉහත කී අය මරනවා.බලමුකො යෝනුසලවි මේ ආගමට ගරු කරන හැටි(ස)
බෞද්ධයන්ට හා පන්සල් එල්ලකර මෙම ප්‍රහාරය මා තරයේ හෙලා දකිමි . ඉස්ලාම් ආගමේ කියලා තියෙන්නේ අන්‍ය ආගම් වලට ගරු කිරීම මිස ප්‍රහාර එල්ල කිරීම නොවේ (ස)
හොඳයි (ස)
යොවුන්සලවි,ඔයාගෙ උපදෙස් ලස්සනයි දාර්ශනිකයි.ඒත් වැල්වටාරම් ලියනව වෙනුවට කෙලින්ම අහන ප්‍රශ්නෙට උත්තර දෙනවනම් වඩාත් හොදයි.(ස)