බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ මුෂ්ෆිකුර් රහීම් ඇතුළු බංග්ලාදේශ කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 638 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මවිතයට පත්කිරීමට සමත් වූහ.
අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 116 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශ පිලේ වාසිය අවලංගු කරමින් කඩුලූ 9 ක් අතැතිව ලකුණු 48 ක් පෙරට පැමිණ සිටියේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 116
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 63, කුමාර් සංගක්කාර නොදැවී 49)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 196 කදී සියලූ දෙනා දැවී 638
(මොහෙම්ඞ් අෂ්රාෆුල් 190, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් 200, නසීර් හොසේන් 100, නුවන් කුලසේකර 94/2, ශාමින්ද එරංග 122/2, රංගන හේරත් 161/2, අජන්ත මෙන්ඩිස් 152/2, තිලකරත්න ඩිල්ෂාන් 75/2)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇබෑර්තු ඇත... ක්‍රිකට් මැච් නැරඹීම සදහා සෙනග අවශ්‍ය කර තිබේ. (නි)
ඒ රටේ පුහුණු කරු හොදයි (දී)
රටේ හැමදේම නැති වෙද්දී ක්‍රිකට් විතරක් ඉතුරු වෙයිද? (නි)
අයි.පී.එල්. ගියා නම් අපේ අයගේ වැඩත් බලන්න තිබුණා. (නි)
අපේ අයට ඕනෑ සල්ලි විතරයිනේ. (නි)
සුභපැතුම් (දී)
ලංකාවේ දැන් ක්‍රිකට් තියෙනවද? අනේ අපිට නම් ගාණක් නැහැ. (නි)
නියමයි. (නි)
නියමයි බංගලාදේශ කොල්ලනේ. (නි)
දැන් අපි තරග නරඹන එක නවත්තලයි තියෙන්නේ. (නි)
බංගලාදේශ කණ්ඩායමේ හොද දියුණුවක් මම දැක්කා. (නි)
තිරිමාන්න 155 යි, චන්දිමාල් 116 යි නොදැවී හොඳට ගහද්දි ඉනිම නැවැත්තුවේ නායකත්වයේ අත්දැකීම් මද නිසා බව මගේ අදහස. දෙදෙනාටම 200 ගහන්න අවස්ථාව තිබුනා. බ.දේ. කණ්ඩායම අඩු තක්සේරු කළ නිසා එහෙම වුණේ. (නි)
ආරම්භය ලංකාවෙන්... (නි)
ආඩම්බරයි අපිට. (නි)
සමන්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
කමක් නැහැ. අපේ වීරයොත් හොදට ළකුණු රැස්කරනවනේ. (නි)
වැස්සක්වත් ආවේ නැති හැටි? (නි)