ඉතාලියේ වැනිසිය, වෙරොනා, මෝදනා, ප්ලොරන්ස් ආදී නගරවලින් පැමිණි බංගලිදේශ බෞද්ධයෝද රෝමය සහ ඒ අවටින් පැමිණී ශ්‍රී ලාංකිකයෝ ද රෝමයේ බංගලිදේශ තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් එරට සිදු වන භික්ෂු ඝාතන, බෞද්ධ වෙහෙර විහාර විනාශය සහ චිතගොන් ප්‍රහාරවලට විරුද්ධව උද්ඝෝෂණය කළහ. බංගලිදේශයේ බොදු විරෝධී ක්‍රියා යළි සිදු නොවන ලෙස නීතිය ක්‍රියා කරන්නයි ඉල්ලමින් බංගලි සහ ඉංග්‍රීසි භාෂවෙන් ලියැවුණු සංදේශයක් ද තානාපති කාර්යායලයට බාර දුන්හ. සංදේශය භාරගත් බව සහතිකකරමින් මුද්‍රාව තුබූ පිටපතක්ද උද්ඝෝෂකයනට ද ලැබිණි. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා කීපදෙනෙක් ද මේ උද්ඝෝෂණයට වැඩ සිටියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්
ප්‍රශ්නයක් වූ විට එයට පිළිතුර සෙවීම විනා කුණුකන්දල් සෙවීමෙන් පලක් නැත. (නි)
ජයවේවා....ජයවේවා....ජයවේවා....
බංගලාදේශයේ චිතගොන් නගරයේ සහ ඒ අවට පදංචි බෞද්ධ ජනයාට අවුරදු කීපයකම සිට ඉස්ලාමීය ජනයාගේ තාඩන පීඩන සදහා ලක්වීම් මාධ්‍ය තුලින් තහවුරු විය. නූගත් ඉස්ලාම්වරුන් මෙසේ හැසිරීම අනිකුත් සියලු ආගම් අදහන්නන්ට විශාල අවහිරයක් වන නිසා සියලුම ආගම් නායක එකමුතුවක සංවිධානයක් තුළින් එ.ජා.සං.ය දැනුවත් කර මෙවැනි මුසල්මානුවන් සමාජයෙන් ඉවත් කළ යුතුය. බෞද්ධ දර්ශනය තුළ ඇති කරුණාව,මෛත්‍රිය,මොවුන් ගේ ආගම් පොතේ නොමති වීම නිසා තිරිසන් ගති ඇතිවේ. (නි)
අපි ඉන්නෙත් ජර්මනියේ.. කරගෙන යන්න ඉතාලිය..!(නු)
අනුර ඔබ හරියටම හරි..මේ ඉන්නේ මීගමුව , වෙන්නප්පුව පැත්තේ ඉන්න බොරු බෞද්ධයෝ (ස)
ඇත්තෙන්ම අනුර ඔබ නිවැරදීයි. (නි)
ඉතාලියේ වෙරෝනා පන්සල් දෙකත් සමගි කරන්න ඉතාලියේ ඉන්නා හාමුදුරුවන් කටයුතු කරනවා නම් හොදයි. (නි)
අනුර, ඔබේ කියමනේත් ඇත්තක් තියෙනවා. (නි)
බොදු අයිතිය රකින එක අපෙත් යුතුකමක් (දී)
අපේ සහයත් ලැබෙනවා
නියමයි. (නි)
නියමයි. අපි ඔබ සමගයි. (නි)
නියමයි. හොද වැඩක්. (නි)
මොන ප්‍රශ්නය ආවත් අපේ රට වෙනුවෙන් කරන්න පුලුවන් දේ අපි කරනවා. ජාති, පක්ෂ, පාට භේද අපිට වැඩක් නැහැ. (නි)
බංගලදේශයේ බුදුදහම රකින්න පලමුව රෝමයේ බුදුදහම රැක ගත යුතු වෙනවා. රෝමයේ බෞද්ධ විහාරය කඩලා බිඳලා දමලා, ඒකට නඩු දමලා, ලාංකික බෞද්ධයන්ව දෙකඩ කරපු පිරිසක් තමා තව රටක් වෙනුවෙන් පෙනි සිටින්නේ. මේවා සේරම කැපිලා පේන්න හදන මායාවන් විතරයි. මේවා තේරුම් ගත්ත නිසා ලාංකිකයන් මේ වගේ බොරු සෝබන වැඩ වර්ජනය කරපු බව පැමිණි සිදු පිරිසකගෙන් පෙන්නුම් කලා. (ස)
පනාගොඩ, මෙතන වෙන්නප්පුවේ අයත් ඉන්නවා. කොහොම වුණත් ඉදිරියටම යමු. (නි)
මේක හොඳ වැඩක් .ඉතාලියේ ඉන්න ජනතාව මේවගේ වැඩවලට පුදුම කැපවීමක් තියෙන අය , (ස)
දකුණු කොරියවේ අපිත් ඔබ සමගයි (ස)
සෑම ජාතික ප්‍රශ්නයකදීම ඉතාලියේ වාසයකරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙනවා. ඔවුන් කරන මෙහෙය ඉතාමත් වටිනවා. (නි)
ඉතාලියේ ඉන්නා ශ්‍රී ලාංකිකයෝ කවදත් ඉදීරියෙන්. අපේ සුභ පැතුම්! (නි)