(ඔගස්ටින් ප්‍රනාන්දු )
බිංගිරිය පොලිසිය ඉදිරිපිට කළහාකාරී ලෙස හැසිරෙමින් පොලිසියට ගල් මුල්වලින් පහර දුන්නේයැයි සැකපිට පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රිය අනතුරකින් තරුණයකු මිය ගිය සිද්ධියකට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළේයැයි කියමින් සඳුදා (06) රාත්‍රී වන තුරු පිරිසක් පොලිසිය ඉදිරිපිට ටයර් පුළුස්සමින් විරෝධතා පැවැත්වූහ.
උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර නිසා පොලිසියේ ජනෙල් දොරවල්වලට මෙන්ම පොලිස් නාම පුවරුවට ද, ජිප් රියකට ද හානි සිදුවූ බව පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදි 35ක් සහ ත්‍රීරෝද රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. තවත් 35 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට සොයාන බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd