රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා රන් මුදු 05 ක් සහ රන්පටි 78 රැගෙන ඉන්දියාවේ  චෙන්නායි බලා  යාමට  පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරුවෝ  වයස අවුරුදු 40 සහ 41 ක්  වූ  කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදි පිලි ව්‍යාපාරිකයෝ වෙති. අත් අඩංගුවට ගනු ලැබූ රන්වල බර ග‍්‍රෑම් 748 කි.   
ඔවුහු  තම බෑග් හැඩල ඇතුලේ  මෙම රත්තරන් සගවා තිබූ බව රේගුව කියයි.
 මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන සහ කේ. පේ‍්‍රමනාත් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන  එස්.නියාෂ්, ටී සෝමලිංගම්, ඒ.ආර් සේනාධීර සහ  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන රෝහණ කුමාර, එස්.ඞී දයානන්ද, ජේ.සී අභයවර්ධන, සී.කොටැඹගේ, අසංක පෙරේරා, තරිඳු ඉලේපෙරුම, සී.පී අබේවික‍්‍රම, එස්.පී ලොකුගම  යන නිලධාරීන් විසින් සිදු කරති.