
(ක.ග.කරුණාරත්න සහ චාපා මධුභාෂිණි)
මින්නේරිය වැව ඉදිරිපිට සුපිරිවෙළෙඳහලක් තුළ පිහිටි රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටේරලර් යන්ත්‍රයේ සේප්පුව කපා මුදල් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
සොරකම් කරඇති මුදල කොපමණද යන්න නිශ්චිත වශයෙන් මෙතෙක් අනාවරණයවී නොමැති අතර එය රුපියල් කෝටියක් පමණ විය හැකි බව එම බැංකුවේ නිලධාරියෙක් පැවැසීය.
ක්‍රීම් පැහැති කුඩා ලොරියකින් ඊයේ පෙරවරු 10.00 පමණ ආ පුද්ගලයකු බැංකු නිලධාරියකු බව පවසා නව යන්ත්‍රයක් සවිකරන මුවාවෙන් යන්ත්‍රය රත්කර එහි මුදල් තැන්පත් කර තිබූ සේප්පුව යාන්ත්‍රිකව කපා දමා මහ දවල් මේ සොරකම සිදුකර ඇති බව පොලීසිය මෙතෙක් කළ විමර්ශන වලදී හෙළිව තිබේ.
ට්‍රේලර් යන්ත්‍රය ක්‍රියා විරහිත වි තිබීම නිසා බැංකු කළමනාකරු සහ නිලධාරීන් පිරිසක් එය පරීක්ෂා කිරීමේදී මෙම සොරකම අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇත.
ටේරලර් යන්ත්‍රය නිරීක්ෂණය කිරීම සඳහා සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතියද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
ඒ අනුව මේ සොරකම සිදුකල පුද්ගලයන් කොතෙක් සූක්ෂමව එය සිදුකර ඇත්ද යන්න පෙනීයන බවත් සැකකරුවන් කිසිවකුත් මේ වනවිට අත් අඩංගවට ගෙන නොමැති බවත්ඒ නිලධාරීහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ රට හදන්නම් කියල හැදුව හැදිල්ලක් දැන් නම් පාරෙ යන්නත් බයයි
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් පෙන්නවා
රාජපක්ෂලා මහා දවල් රටම කොල්ලකන එකේ මේක මොකද්ද ?
අන්න නියම හොරු. හොරකමක් කලත් කාටත් කරදරයක් නොකර සාක්ෂිත් ඉතුරු නොකරම නියමෙට වැඩේ දිල තිබෙනවා.
කන්න නෙවෙයි... පාරටවත් බහින්න බැරි රටක් තමයි.... මේ ලි ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් හදන්නේ..
ආණ්ඩුවේ මැති ඇමතිවරු මහජන මුදල් කොල්ලකන විදියට ලොකු ලොකු ව්‍යාපාරිකයන් මිනිස්සුන්ට වස කවලා මුදල් ගරන විදියට රටේ සම්පත් කුජීත විදියට විනාශ කරන විදියට ඒවා බල බල මුකුත් වුනේ නැති ගානට ඉන්න මිනිස්සු ඉන්න රටක... මාස්ක් නැතුව පාරෙ යන අහිංසක දුප්පත් මිනිහා අල්ලන්න හමුදාවෙන් යොදවන රටක... මේ කොල්ල කාපු මිනිහා එක අතකින් සුපිරි පොරක්... මම නම් ඒ මිනිහට මුකුත් කියන්න කැමති නෑ.
මෙතන හමුදා කඳවුරක්නේ තියෙන්නේ. හැම තිස්සේම හමුදාව ඉන්නවා ඔතන...
මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය
කැමරාව ගලවන් ගියාට රෙකෝඩරය තියෙන්නේ බැංකුව ඇතුලේ නෙවෙයිද?