පිළියන්දල බෝකුන්දරදී පසුගිය 18 වැනිදා සොයාගත් රේසින් කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක් පමණක් වන බවත් ලියාපදිංචි නොකළ එම වාහනයට සවිකළ අංක තහඩුව ජනාධිති වාහන සංචිතයේ වාහනයක බව පොලිසිය පවසන බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා කියයි.
ලියාපදිංචි නොකළ වාහනයකට අංකයක් යෙදිය නොහැකි අතර වෙනත් වාහනයක අංකයක් දී ධාවනයට යොදා ගැනීම බරපතල වරදක් බවත් පොලිසිය කියයි.
හිටපු ජනාධිපතිගේ වාහන සංචිතයේ බෙන්ස් රියක අංකයක් ඊට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බව පාදුක්ක මහතා පවසයි.
එම වාහනය මහේස්ත්‍රාත් නියමයෙන් අධිකරණ භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනේ දැනගනිල්ලා ආඩම්බරකාර තාත්තගේ වැඩ. (නදී)
මමත් හංසයාට වැඩ කරපු කෙනෙක්.. එත් පුද්ගලිකව මඩ ගැසීම් අනුමත කරන්න බෑ..මේ මෝටර් රථය ලක්ෂ 800ක් කියන්නේ බොරු කතාවක්..(අ)
කඩේ යෑමක් ගැන නෙවේ, ඒත් මේ කාර් එක 800ක් වටිනා එකක් නෙවි.(අ)
නිශාන් ජී.ටී.ආර් ඇමරිකානු ඩොලර් 120,400 යි හෝ නිස්මෝ එකක් ඇමරිකානු ඩොලර් 171,400 බදු රහිත මිළ ගනන් එහෙමයි (නදී)
මෙතැන තියන ගැටලුව "රට බේරාගත්" කියන ලේබලයෙන් ඕනෑම තක්කඩි කමක් සදාරණය කරන එක. එහනම් හමුදාවෙන් පැනල හොරකම් කරන හැමෝම නිදහස් කරන්න ඕනේ. (නදී)
ඕක පාරේ එහෙ මෙහෙ දිව්වා නම් පොලිසිය නිදාගෙන හිටියද? අපිට මේවා දැන් ඇහෙනකොට පිස්සු හැදෙනවා. (නි)
ලක්ෂ 80ක් කියන්නෙත් අපිට මහමෙරක් වගේ. ලක්ෂයක් කියන්නෙත් එහෙමයි. කීයක් වංචා කලත් වංචාව වෙනස් වෙන්නේ නෑ. (නදී)
පීරිස් නිරංජන් නොදන්නා දේ කියල නාන්නේ නැතිව ඉන්නවා. මේක නිශාන් එකක් ඇල්ෆා රෝමියෝ නෙවෙයි මෝඩ පණ්ඩිතයා (නදී)
හිතලා බලන්න මේ සල්ලි වලින් දුප්පත් පවුල් කීයකට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද? (නි)
කොහොම කොහොමහරි රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරලා වගෙයි (නි)
රවී බන්දුල පෙරේරා ගැන මා විශේෂ අධ්‍යයනයක් කර ඇත. (බ)
මිනිස්සු කවුරු කියලා හිතලද දන්නෙ නැහැ වටිනාකමට මේ වගේ ගණනක් කිවුවේ.... (නි)
නිෂාන් ජී.ටී.ආර් කාර් එකක් එච්චර වටිනවද ? (නදී)
ඔයගොල්ලෝ රණ්ඩුවෙන්න ඕනෑ නැහැ. ඇත්ත හෙළිවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ (නි)
මේ බොරුවට කෑ ගහන්න එපා. වැරදි දේ වැරදි විදියට දකින්න. අපිත් ඡන්දය දුන්නේ ජනදිපතිට. (නදී)
හිටපු ජනාධිපතිට කිසිම ජනමාධ්‍යක සහයක් නොමැති බව පෙනේ. (නදී)
බොරු දන්නා එපා මේක 800 වෙන්නේ නෑ පිස්සු කතා (අ)
ඔව් මම බැලුවා මිලියන අසුවක් විතර වෙනවා නිශාර් ජී.ටී.ආර් 2013 බ්‍රෑන්ඩ් නිව් DBA-R35 ස්පෝර්ට්ස් කාරයක්. ජපෑන් යෙන් 9800000 යි ඇමරිකානු ඩොලර් 99,800 යි (නදී)
ඇයි මේක ප්ලේන් එකක්ද (බ)
ලක්ෂ 800ක හෙලිකූප්ටරයක් ගන්න පුළුවන්ද? (බ)
මොන බොරුද මේක අැල්පා රෝමියෝ වර්ගයට ඵකක්. ලක්ෂ 80ක් වත් වන්නේ නැහැ. දැන් ඔය මොඩ්ල් ඵක ඵන්නෙත් නැහැ (නදී)
පිස්සු මිනිස්සු කොහේ හරි කාරයක් හොයාගන කියවනවා තවම බයයි මහින්දට එක තමා මේවා කරන්නේ (බ)
ඕක කෝටි 8 කට වඩා වටිනවා (බ)
අනේ ඇත්තට මේ මිනිසුන්ට හොයන්න දේවල් නැද්ද, මේ කාරයක් ගැන මේ තරම් දේවල් හොයන්නේ? (නි)
කාරකේ ගණන ගැන කතා කරලා වැඩක් නෑ. මෙතන තියෙන මහා වංචාව ගැන කතා කරන්න. (නදී)
අපි දන්නෙ නැති දේවල් මේ ගැන දැනගන්න පුලුවන් මේකෙන්. http://en.wikipedia.org/wiki/Nissan_GT-R#Total_sales_.28US.29 (නි)
මේ පළාත් සභා වලින් නම් වැඩක් නෑ.මේවා නැති වුණ දවසට තමයි හොදට හැදෙන්නේ (දිල්)
පිටරට ලක්ෂ 200-300 අතර වුණාට ලංකාවේ බදු ගහල එනකොට ඔය වගේ වෙනවා. අහිංසක බදු ගෙවන ජනතාවගේ සල්ලි තමා මේවට යොදා ගන්නේ (දිල්)
කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක්.වෙන්න බෑ මේක එච්චර වෙන්නේ නෑ..(දිල්)
ඇත්තටම බන්දුල පෙරේරා කෝ? හිටියා නම් ඇත්ත දැනගන්න තිබුනා (නි)
වෙන වාහනේක අංකයක් පාවිච්චි කිරීම වැරදියි. (දිල්)
රවී බොරුවට මහින්දට කඩේ යන්න එපා ඔය කොහොමද කියන්නේ ඔයද මේක අරන් දුන්නේ එහෙනම් ඔයත් මේ හොර වැඩ වලට හුල් කාරයෙක් (අ)
අපි ලැජ්ජා වෙනවා මෙතුමාට ඡන්දය දුන්න එකට. කිසිම ජනාදිපති කෙනෙකුගේ පුත්තු හා පවුලේ අය මේ වගේ හොරා කෑවේ නැහැ. බලන්න හාල් ගෙනල්ලා පුස් කාල එතන පාඩුව කෝටි 585 යි. (නදී)
http://carmargin.com/listings/view/Nissan/GT-R/103/. මේකේ මිළ ගනන් බලන්න. (නදී)
මේ බොරු කියන අයට නීතියෙන් දඩුවම් දෙන්න බැරිද . මේ අය කරන්නේ ලොකු විනාසයක්. රටට ඇත්තට වැඩ කරපු අයට කරන ලොකු විනාසයක්. සිංහලයෙනි අවදි වෙයල්ලා. පරක්කු වෙන්නේ නැතුව නැගිටපල්ලා. අපි ජාතිවාදී ජාතියක් නොවේ. අපි අපේ කම රැකගත්තොත් වෛරී දේශපාලනය වපුරන අය අතහැර ඇත්තට මෛත්‍රී කල පහුගිය ආණ්ඩුව නැවත හදල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සමගියෙන් හිටපු ඒ සුන්දර කාලේ ආයේ ගන්න පුළුවන්. (බ)
රවී, මේවාට නීත්‍යානුකුලව අයවිය යුතු ටැක්ස් අය කළාම ලක්ෂ අටසීයක් හෝ ඊටත් වඩා විය හැකියි. (බ)
හරි එතකොට අර මැතිවරණයට සෙනග ඇද්ද ලංගම බස් වල අලාභය ඒකත් බොරුද ? දැන් කියන්න එපා මිනිස්සු රැස්වීම් වලට ගියේ තමන්ගේ පුද්ගලික ජෙට් එකේ කියලා. (අ)
සමාවෙන්න මම කියූ දෙයින් කාටවත් හිතරිදුනා නම්. මම කාටවත් කඩේ යන්නේ නැහැ. හිටපු ජනාධිපති මං විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම ඔහුට ගරුකරනවා. (එතුමාට පමණි)කොන්ද කෙළින් තියාගෙන රට බේරූ නායකයා මගේ මුළු ජීවිත කාලයටම මොහු වෙන්න පුළුවන්. එතුමාට ඒ ගරුත්වය දියයුතුයි (නි)
රට බේරගත්ත රජ්ජුරුවන්ගේ පුතාට ගන්න බැරිනම් කාටද පුලුවන් (නදී)