IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බැංකොක් පැන්නත් වැඩේ වරදී

මත් ද්‍රව්‍ය ජාවාරමක්  සම්බන්ධයෙන් බැංකොක් අධිකරණයකින් මරණීය දන්ඩනය ලැබු  ශ්‍රී ලාංකිකයෙක්  වසර 18 ක් තිස්සේ එරට සිරබත් කමින් සිටියදී පොදු  සමාව ලැබ  ශ්‍රී ලංකාවට පිටවුහල් කොට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු රත්ගම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුට විරුද්ධව මෙරට අධිකරණයක නඩුවක්  තිබියදී ව්‍යාජ ගුවන්ගමන් බලපතක් හා ලිය කියවිලි භාවිතා කරමින්  1996 වසරේදී ඔහු  තායිලන්තයේ බැංකොක් නගරය වෙත පලා ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

බැංකොක් පැන්නත් වැඩේ වරදී

ධම්ම Monday, 25 May 2015 04:21 AM

පොඩි ලොකු කියා නැහැ. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන විට එය අගය කිරීමට පුරුදුවෙමු. (නි)

:       0       0

සුසන්ත Monday, 25 May 2015 05:09 AM

මේ වයසක මිනිහෙක් අල්ලාගෙන කෑගහනවා අරහේ ලොකු මෝරු හිනාවෙනවා. අනේ යහපාලනේ.(නදී)

:       0       0

ප්‍රභාත් Monday, 25 May 2015 05:22 AM

ධම්ම මහත්තයා, ඔබ තුමා මැරිලා ඉපදිලා වගේනේ. අපරාධ කරුවන් ඇල්ලීම අගය කල යුතුමයි. එහි ගැටළුවක් නැත. එය සියල්ලන්ටම එක සේ ක්‍රියාත්මක නොවෙනවා නම් ඔබ තුමා මොකද කරන්න කියන්නේ (නදී)

:       0       0

දිලාන් Monday, 25 May 2015 05:24 AM

දැන් මේ පොඩි හොරු අල්ලාගෙන පාරම් බාන කාලේ පහුවුනා. කෝ ලොකු හොරු ගැන තවම යමක් සිද්ධ වෙලා නැහැ. (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 25 May 2015 05:44 AM

හොරුන් ,තක්කදින්ව ලොකු ,පොඩි කියා වෙන් නොකොට දඬුවම් දෙමු. නැත්නම් මුළු රටම අවුරුදු 25 කට ඔවුන්ටම බාර දෙමු.(ම)

:       0       0

පෙරේරා Monday, 25 May 2015 06:22 AM

දැන් ඉතින් දිගටම හිරේ ඉන්න පුළුවන් වෙයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 25 May 2015 06:28 AM

මෙහෙමයි, මෙයාට තියෙන වෙනත් බරපතල චෝදනා නිසා මෙයාව අල්ලලා තියෙන්නේ. එ්කේ වරදක මට පේන්නේ නැහැ (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 25 May 2015 07:11 AM

චානක ලොස් ඇන්ජලීස් ,අපි කාටවත් මේකේ වරදක් පෙන්නේ නැහැ මහත්තයෝ,නමුත් ප්‍රශ්නය වන්නේ නීතිය සැමට (දේශපාලුවන් ඇතුළුව ) මෙලෙස ක්‍රියාත්මක වනවාද යන්නයි ?(ම)

:       0       0

දේවක Monday, 25 May 2015 03:28 AM

මේකත් හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙයිනේ! (නි)

:       0       0

වෙදගේ Monday, 25 May 2015 09:28 AM

මත් ද්‍රව්‍ය ජාවරමටත් කැමති මිනිස්සු ඉන්නවා වගේ (නදී)

:       0       0

කේ. සිරි Monday, 25 May 2015 03:54 AM

නීල හොරු අල්ලන්නේ නැතුව මේවගේ පොඩි අපරාධකාරයන් ඇල්ලීමට ප්‍රමුකත්වය දිය යුතුයි.අනේද කියන්නේ. (ම)

:       0       0

බටගොඩ Monday, 25 May 2015 03:55 AM

පොඩි මිනිහට..නීතිය අකුරට... (ම)

:       0       0

ඉසුරන්දි Monday, 25 May 2015 04:04 AM

මේ නීති හැමෝටම එක වගේ නම් කොච්චර දියුණුද අපේ රටවල්. මේ නීති අපේ රටෙත් තිබුනා නම් (නදී)

:       0       0

ගයාන් Monday, 25 May 2015 04:12 AM

නීල හොරු අල්ලන්න බෑ, උන් හරිම දරුණු අය. රටම එයාලට දුන්නොත් නරකද ? දැන් තියන විදිහට එයාලටත් කරදරේ අපිටත් කරදරේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site