මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බැංකොක් අධිකරණයකින් මරණීය දන්ඩනය ලැබු ශ්‍රී ලාංකිකයෙක් වසර 18 ක් තිස්සේ එරට සිරබත් කමින් සිටියදී පොදු සමාව ලැබ ශ්‍රී ලංකාවට පිටවුහල් කොට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු රත්ගම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුට විරුද්ධව මෙරට අධිකරණයක නඩුවක් තිබියදී ව්‍යාජ ගුවන්ගමන් බලපතක් හා ලිය කියවිලි භාවිතා කරමින් 1996 වසරේදී ඔහු තායිලන්තයේ බැංකොක් නගරය වෙත පලා ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ලොකු කියා නැහැ. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන විට එය අගය කිරීමට පුරුදුවෙමු. (නි)
මේ වයසක මිනිහෙක් අල්ලාගෙන කෑගහනවා අරහේ ලොකු මෝරු හිනාවෙනවා. අනේ යහපාලනේ.(නදී)
ධම්ම මහත්තයා, ඔබ තුමා මැරිලා ඉපදිලා වගේනේ. අපරාධ කරුවන් ඇල්ලීම අගය කල යුතුමයි. එහි ගැටළුවක් නැත. එය සියල්ලන්ටම එක සේ ක්‍රියාත්මක නොවෙනවා නම් ඔබ තුමා මොකද කරන්න කියන්නේ (නදී)
දැන් මේ පොඩි හොරු අල්ලාගෙන පාරම් බාන කාලේ පහුවුනා. කෝ ලොකු හොරු ගැන තවම යමක් සිද්ධ වෙලා නැහැ. (නදී)
හොරුන් ,තක්කදින්ව ලොකු ,පොඩි කියා වෙන් නොකොට දඬුවම් දෙමු. නැත්නම් මුළු රටම අවුරුදු 25 කට ඔවුන්ටම බාර දෙමු.(ම)
දැන් ඉතින් දිගටම හිරේ ඉන්න පුළුවන් වෙයි (නි)
මෙහෙමයි, මෙයාට තියෙන වෙනත් බරපතල චෝදනා නිසා මෙයාව අල්ලලා තියෙන්නේ. එ්කේ වරදක මට පේන්නේ නැහැ (නදී)
චානක ලොස් ඇන්ජලීස් ,අපි කාටවත් මේකේ වරදක් පෙන්නේ නැහැ මහත්තයෝ,නමුත් ප්‍රශ්නය වන්නේ නීතිය සැමට (දේශපාලුවන් ඇතුළුව ) මෙලෙස ක්‍රියාත්මක වනවාද යන්නයි ?(ම)
මේකත් හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙයිනේ! (නි)
මත් ද්‍රව්‍ය ජාවරමටත් කැමති මිනිස්සු ඉන්නවා වගේ (නදී)
නීල හොරු අල්ලන්නේ නැතුව මේවගේ පොඩි අපරාධකාරයන් ඇල්ලීමට ප්‍රමුකත්වය දිය යුතුයි.අනේද කියන්නේ. (ම)
පොඩි මිනිහට..නීතිය අකුරට... (ම)
මේ නීති හැමෝටම එක වගේ නම් කොච්චර දියුණුද අපේ රටවල්. මේ නීති අපේ රටෙත් තිබුනා නම් (නදී)
නීල හොරු අල්ලන්න බෑ, උන් හරිම දරුණු අය. රටම එයාලට දුන්නොත් නරකද ? දැන් තියන විදිහට එයාලටත් කරදරේ අපිටත් කරදරේ.(නදී)