ගොවිතැන් භාණ්ඩ ආරක්ෂා කරමින් ගොයම් කපන්නට වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඇති වුවත් අතිතයේදි බුම් මැඩිය යොදා එය නාද කිරිමෙන් ගොයම් කැපුමට ගොවි මහතුන් එක්කර ගන්නා සැටි යටිනුවර දන්තුරේ පදිංචි එච්.එම් ප්‍රේමවර්ධන (මාරහෙල වෙද මහතා)පවසයි.
මෙරටට ආවේනික දේශිය පැරණි වි වර්ග පනහක් හැටක් පමනද මෙරටට ආවේනික දේශිය අල වර්ග කෑමට සුදුසු අල වර්ග 64ක් ද කෑමට නුසුදුසු ඖෂධීය අල වගර්ග රැසක් ද දැනට ඔහුගේ බීජ බැංකුවේ ඇත. මා වී, කළු හීනටි, සුදු හීනටි, වැනි දුර්ලබ ගනයේ පැරණි වී වර්ග 50කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කර ඇත. එම වගාවන් සදහා එළු බෙටි, ගොම, ජපන් ජබර සහ පිදුරු උපයෝගී කරගනිමින් ඔහු විසින් ම සාදා ගන්නා කාබනික පොහොර යොදා ගන්නා බව ඔහු පවසයි. දේශිය පැරණි වි වර්ග 1483 ක නාම ලේඛනයක්ද වසර දෙසියකට වඩා පැරණි ගොවි උපකරණද මාර හෙල වෙද මහත්තයා සතුව ඇති බව ඔහු පවසයි. ‘ඒ සංරක්ෂණය කරපු බුං මැඩිය ගහල තමා රතුපලස දිගේ වත්මන් ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දි හිටපු ජනපති තුමාව අපි වවමු රට නගමු වැඩ සටහනේ මුල්ම උත්සවයෙදි මේ බුං මැඩිය ගහල තමා එක්කගෙන ආවෙ ‘ යැයිද පැවසිය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුං මැඩියේ නාද රටා : ගොවියන් එකමුතු කෙරුවා
විදූෂ Sunday, 05 April 2015 10:02 PM
හරිම සුන්දර අතීත අත්දැකීම්.... (නි)
ලෙස්ලි ජයවර්ධන Sunday, 05 April 2015 10:02 PM
1972 දී මාවනැල්ලේ කහවන්දල බුං මැඩි වාදනය කරමින් ගොයම් කැපීමක් මම දුටුවෙමි (නි)
ලයනල් රාජපක්ෂ - ඔස්ට්‍රේලියාව Sunday, 05 April 2015 10:52 PM
චමිල්, බොහොම ස්තුතියි මේ ප්‍රවෘත්තියට. වී වර්ග 50 සංරක්ෂණය කරන හැටිත් අපිට දැනගන්න පුලුවන්ද? (නි)
පිටබැද්දර ජයා Sunday, 05 April 2015 11:53 PM
ලංකාදීපයට ඇත්තටම ස්තුතියි. මේ ඉන්නේ අපේ නියම ගොවි රජවරු. කණගාටුවට කරුණ අපේ පැරණි ක්‍රම අපෙන් ඈත්වීම සහ අප තුළ තිබුන එම මනුස්සකම් අපෙන් තුරන්වීමයි (නි)
විදුර Monday, 06 April 2015 02:57 AM
මෙවන් දෙයක් දැකගන්නට සැළැස්වූවාට ලංකාදීපයට ස්තූතියි! (නි)
විපුල Monday, 06 April 2015 02:57 AM
වසරකට වරක්වත් ලංකාවේ පැරණි ආකාරයට රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරනවා නම් හොදයි. (නි)
දුමින්ද Monday, 06 April 2015 04:03 AM
අපේ කෘෂි විද්‍යාව ඇති තැන-මෙතන (නදී)
කුමාර Monday, 06 April 2015 04:46 AM
මෙවෙනි අපි නොදන්නා දේවල් ලෝකයටම දැනගන්න සැලසුවට ලංකාදීපයට ඔබට බොහොම පින් (නදී)
ධම්ම Monday, 06 April 2015 05:11 AM
පැපොලේ වෙලේ, වැව්කන්දේ, වටදෙනියේ බුම්මැන්ඩිය වාදනය කරමින් අප ගොයම් කැපූ ඒ සුන්දර අතීතය සිහිපත් වෙනවා. තලගොයි හමක් බැඳී, පිටුපස කුඩා සිදුරක් සහිත මැටි කළයක් වන් මෙයට අප කිව්වේ බුං මැඩිය නොව බුම්මැන්ඩිය කියාය. මෙම වාදන භාණ්ඩය ගොයම් කැපීමේදී හැර වෙන කිසියම් තැනක වාදනය කරනවා මා දැක නැත. (නදී)