ගොවිතැන් භාණ්ඩ ආරක්ෂා කරමින් ගොයම් කපන්නට වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඇති වුවත් අතිතයේදි බුම් මැඩිය යොදා එය නාද කිරිමෙන් ගොයම් කැපුමට ගොවි මහතුන් එක්කර ගන්නා සැටි යටිනුවර දන්තුරේ පදිංචි එච්.එම් ප්‍රේමවර්ධන (මාරහෙල වෙද මහතා)පවසයි.
මෙරටට ආවේනික දේශිය පැරණි වි වර්ග පනහක් හැටක් පමනද මෙරටට ආවේනික දේශිය අල වර්ග කෑමට සුදුසු අල වර්ග 64ක් ද කෑමට නුසුදුසු ඖෂධීය අල වගර්ග රැසක් ද දැනට ඔහුගේ බීජ බැංකුවේ ඇත. මා වී, කළු හීනටි, සුදු හීනටි, වැනි දුර්ලබ ගනයේ පැරණි වී වර්ග 50කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කර ඇත. එම වගාවන් සදහා එළු බෙටි, ගොම, ජපන් ජබර සහ පිදුරු උපයෝගී කරගනිමින් ඔහු විසින් ම සාදා ගන්නා කාබනික පොහොර යොදා ගන්නා බව ඔහු පවසයි. දේශිය පැරණි වි වර්ග 1483 ක නාම ලේඛනයක්ද වසර දෙසියකට වඩා පැරණි ගොවි උපකරණද මාර හෙල වෙද මහත්තයා සතුව ඇති බව ඔහු පවසයි. ‘ඒ සංරක්ෂණය කරපු බුං මැඩිය ගහල තමා රතුපලස දිගේ වත්මන් ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දි හිටපු ජනපති තුමාව අපි වවමු රට නගමු වැඩ සටහනේ මුල්ම උත්සවයෙදි මේ බුං මැඩිය ගහල තමා එක්කගෙන ආවෙ ‘ යැයිද පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දර අතීත අත්දැකීම්.... (නි)
1972 දී මාවනැල්ලේ කහවන්දල බුං මැඩි වාදනය කරමින් ගොයම් කැපීමක් මම දුටුවෙමි (නි)
චමිල්, බොහොම ස්තුතියි මේ ප්‍රවෘත්තියට. වී වර්ග 50 සංරක්ෂණය කරන හැටිත් අපිට දැනගන්න පුලුවන්ද? (නි)
ලංකාදීපයට ඇත්තටම ස්තුතියි. මේ ඉන්නේ අපේ නියම ගොවි රජවරු. කණගාටුවට කරුණ අපේ පැරණි ක්‍රම අපෙන් ඈත්වීම සහ අප තුළ තිබුන එම මනුස්සකම් අපෙන් තුරන්වීමයි (නි)
මෙවන් දෙයක් දැකගන්නට සැළැස්වූවාට ලංකාදීපයට ස්තූතියි! (නි)
වසරකට වරක්වත් ලංකාවේ පැරණි ආකාරයට රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරනවා නම් හොදයි. (නි)
අපේ කෘෂි විද්‍යාව ඇති තැන-මෙතන (නදී)
මෙවෙනි අපි නොදන්නා දේවල් ලෝකයටම දැනගන්න සැලසුවට ලංකාදීපයට ඔබට බොහොම පින් (නදී)
පැපොලේ වෙලේ, වැව්කන්දේ, වටදෙනියේ බුම්මැන්ඩිය වාදනය කරමින් අප ගොයම් කැපූ ඒ සුන්දර අතීතය සිහිපත් වෙනවා. තලගොයි හමක් බැඳී, පිටුපස කුඩා සිදුරක් සහිත මැටි කළයක් වන් මෙයට අප කිව්වේ බුං මැඩිය නොව බුම්මැන්ඩිය කියාය. මෙම වාදන භාණ්ඩය ගොයම් කැපීමේදී හැර වෙන කිසියම් තැනක වාදනය කරනවා මා දැක නැත. (නදී)