
(යොහාන් භාසුර)
ඇසළ පෝය යෙදී තිබූ ඊයේ බලපත්ර නොමැතිව මත්පැන් අළෙවි කළ ගල්කිස්ස සංචාරක කළාපයේ අවහලක් වටලා රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදේශ මත් වතුර ඇතුළු මත්පැන් ලීටර 150 ක් පමණ අත්අඩංගුවට ගත් බවත් අදාල අවන්හලේ කළමණාකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මත්පැන් අළෙවි කිරීමට බලපත්රයක් නොහැකි මෙම අවන්හලේ පෝය දිනයේ මත්පැන් අළෙවි කරන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව අදාල වැටලීම කළ බවත් එම අවන්හලේ හරස් කාමරයක සඟවා තිබියදී විදේශ මත් වතුර බෝතල් සහ බියර් ඇතුළු බෝතල් විශාල ප්රමාණයක් අත්අඩංගුවට ගත් බවත් එම නිලධාරියා කීය.
පෝය දිනයේ මත්පැන් අළෙවි කිරීම නීති විරෝධී වන අතර මත් වතුර අළෙවි කිරීමට බලපත්රයක් නොමැතිව පෝය දිනයේ මත්පැන් අළෙවි කිරීම බරපතල වරදක් බව කී සුරාබදු දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා අදාල අවන්හලේ කළමණාකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd