
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිසියේ නිලධාරීන්ගේ ත්‍යාග මුදල් රුපියල් 161,245 ක් අවසරයකින් තොරව රජයේ සේප්පුවෙන් ඉවතට ගෙන වෙනත් ස්ථානයක තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පොලිස් සැරයනවරයකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි නුගේගොඩ කොට්ඨාශයේ ගණකාධිකාරිවරයා එම කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් සමග වැලිකඩ පොලිසියට පැමිණෙන බවට දන්වා තිබියදී එම සැරයන්වරයා මුදල් සේප්පුවේ යතුර ද රැගෙන අවසරයකින් තොරව ඉකුත් 3 දා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කරන ලෙස නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කඩන නිලධාරීන්ට විරුද්ධ ක්‍රියාමාර්ග ඉතාම සෙමෙන්. බලවත්තු කරන දූෂණ, අපරාධවලට එරෙහි පරීක්ෂණ ගොළුබෙලි ගමනින්. නමුත් තමන්ට අලාභයක්නම් විදුලි වේගයෙන්!