(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලකින් ඇද වැටි බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇද වැටීමෙන්  තුවාල ලැබූ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය සහ විශ්ව විද්‍යාලයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භභ කොට තිබෙන බව එම ප්‍රකාශකයෙක් පැවසීය.