(අංජුල මහික වීරරත්න)
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස රුපියල් 6,000 බැගින් වන දීමනාව මේ වන විටත් එම පවුල්වල බැංකු ගිණුම් හරහා ලබා දීමට පියවර ගනු ලැබ ඇත.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් නොවන මාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ ඇත.
එම කාණ්ඩයන්ට අයත් පවුල්වල ළමුන් තෝරා ගැනීම සඳහා යාවත් කාලීන දත්ත පද්ධතියක් දැනට නොමැති වීම සහ යෝජිත ලිපිද්‍රව්‍ය 2025 නව පාසල් වාරය ආරම්භයේදීම ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි මුළු පාසල් 10,096 අතුරින් ළමුන් සංඛ්‍යාව 300 ට අඩු පාසල් 6,576 ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000 ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීමටත්, එකී දීමනාව වඩුවර් පත්‍රයක් මඟින් ලබා දීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නෙ ඉතාම සීමිත පිරිසකට විතරයි වගේ හම්බ වෙන්නෙ නැත්තෙ. රජයේ සේවකයො හමුදාවල කට්ටියගේ ලමුන්ට නෑ. නමුත් ඔවුනුත් ඉතාමත් දුෂ්කර ලෙස තමයි ලමයින්ට උගන්වන්නෙ. ඒක නිසා හොදම ක්‍රමය මිල අඩුකිරීම
ඒක ඇත්ත හැමෝටම ගන්න පුළුවන් විදිහට මිල අඩු කරන්න ඕන.
මේ දෙන සියලු දීමනාවල් කපා දාමා බඩු මිල අඩු කරන්න
"අපිට තෝපිලගේ සල්ලි ඔනෑ නෑ, මිල අඩුකරපිය, ගහලා තියෙන බදු අඩු කරපිය, ආවේ ඕවා කියලා නේ