ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඇමෙරිකාව දිගින් දිගටම සිදු කරන කෙණෙහිලිකම් හමුවේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරානය සහභාගී නොවනු ඇති බවය.

දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික අර්බුද හමුවේ ඉරානය ගත් මෙම තීරණය ජාත්‍යන්තර පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇතැයි ද පැවැසෙයි.