(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය.
එමෙන්ම අත් බෝම්බයක් සමගින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි
දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි
දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයේ අගුලු ඉවත් කර සිටි පුද්ගලයා සමග සාකච්ඡා කරමින් එම අත් බෝම්බය යළි අගුලු ලෑමට බෝම්බ නිස්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන ලදි
පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමග සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කළ සිටියේ සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණෙන ලෙසයි.
එහෙත් එම ඉල්ලීම් වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එක්වරම මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කරන ලදි
සැකකරු සතුව තිබූ අත් බෝම්බය විනාශ කිරීම සදහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත බාර දීමට කටයුතු කල බව පොලිසිය පවසයි
කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්
ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති
සමරසිංහ Tuesday, 07 May 2024 04:33 PM
මෙම මෙහෙයුම සිදු කිරිම දායකවු සියලු පොලිස් නිලධාරීන්ට නිසි ගෞරවය පළ කරමි. එහෙත් බෝම්බය නිශ්ක්‍රිය කිරීම පිලිබදව කරනු ලබන ප්‍රකාස වීර ක්‍රියාවක් නොවේ. එවැනි අත් බෝම්බයක ආරක්ෂිත කේතය ගැලවු පසු එය නැවත සවිකළ නොහැකිය. . ඒ අනුව ඉහත ලිපියේ සිව්වන ඡේදය සත්‍යයෙන් තොර ප්‍රකාශයකි. බෝම්බ නිශ්ක්‍රිය කීරීමේ ඕනෑම ප්‍රවීණයෙකු මා සමග එකග වනු ඇත.