(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)

කළුතර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුන්ට, නිළධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද මෙතෙක් පානීය ජල බෝතල් ලබාදුන් අතර, එය  අද සිට අත්හිටුවා තිබුණි.

ඒ අනුව ඊයේ පැවති මාසික සභා රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් බොහෝ දෙනෙක් වතුර බෝතල් නිවසින් රැගෙන විත් තිබූ අතර , සභා ගර්භය තුල වතුර ෆිල්ටරයක් සවිකර තිබූ අයුරු දැකගත හැකිවිය .

සභාපති ඉංජිනේරු අරුණ ප්‍රසාද් මහතා ද වතුර ෆිල්ටරයෙන් ලබාගත් වතුර වීදුරුවක් පානය කරන අයුරු දැකගත හැකිවිය .

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය  ලබාදී නිකුත් කර ඇති චක්‍රලේඛයක උපදෙස් ප්‍රකාරව මෙම තීරණය ගත් බව සභාවේ ප්‍රකාශකයෙක් කීය.