
(අමිල චින්තක ගමගේ)
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රසන්න මහතා 1968 දී කලා ලොවට පිවිස තිබෙන්නේ අක්ක නගෝ චිත්‍රපටයෙනි.තුත්තිරිමල් චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා සමග ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේද ප්‍රසන්න ෆොන්සේකා මහතාය.
ඊට අමතරව ශාන්ති කතා මාලාවේ කමේෂ් මහ දේවන්ට හඩ කැව්වේ ද ඔහුය.පසුගියදා ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණු අපේක්ෂා නාට්‍ය උළෙලේදී නූර්තී නර්තන ශිල්පියෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ජීවිතය එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ප්‍රසන්න ෆොන්සේකා මහතා පිදුම් ලැබුවේය.
අවසාන කටයුතු 06 සවස 5 ට ඇන්ඩර්සන් පාරේ නිසල නැදිමාල උයන කනත්තේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලා ලොවේ අරටු එක එක වියැකෙනවා. එළය විතරක් ඉතිරි වේදැයි බියක් දැනෙනවා. වර්ථමාන සිංදු ඇහුවම එහෙමයි හිතෙන්නෙ.
අමා මහා නිවන් සුව ලැබේවා!