ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී වේදිකා රංගනය පිවිසියේ " වෙස්සන්තර' නාට්‍යයේ 'ක්‍රිෂ්ණජිනා'ගේ චරිතය රංගනය කරමිනි.
ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූ ඇය ප්‍රවීණ සංගීතවේදී රංජිත් යාපා ද අල්විස් ඇයගේ ස්වාමි පුරුෂයාය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද රංගනයෙන් දායක වූ ඇය . "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ අතර ගුවනවිදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක ලෙසින් ද කටයුතු කළාය.
ඇය සිනමාවට පිවිසියේ "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයකිනි. "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය.
මියයනවිට 69 වැනි වියෙහි පසුවූ ඇයගේ අවසන් කටයුතු පිළිඹඳව පසුව දැනුම්දෙනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
Chinthaka Thursday, 13 February 2025 02:49 PM
ඔබතුමියට නිවන් සුව අත්වේවා..!
m. saman perera Thursday, 13 February 2025 04:24 PM
ඔබට නිවන් සුව ලැබේවා...!
rasika Thursday, 13 February 2025 04:29 PM
නිවන් සැප ලැබේවා..!
RRJS Bandara Thursday, 13 February 2025 11:29 PM
නිවන්සුව ලැබේවා