සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ හෝ දැනට කල් ඉකුත් පළාත් පාලන ආයතන වල මැතිවරණය වහාම පවත්වන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමා නිර්ණය කළයුත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් හැර, දේශපාලඥයන්ගේ අවශ්‍යතාවට නොවෙයි. හොඳ උදාරණයක් තමයි, දැනට අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශය. මේ ප්‍රදේශය පොළොන්නරුවට ඉතා ළඟයි. අම්පාරට කිලෝ මීටර් 90 ගානයි. පරිපාලන කටයුතු වලට මේ මිනිස්සු යන්න ඕනෑ අම්පාරට. මෙයින් පීඩා විඳින්නේ සාමාන්‍ය ජනයා. දේශපාලඥයන් නම් ගමන් කරන්නේ, මහජන මුදලින් නඩත්තුවන සුඛෝපභෝගී වාහන වල. (නි)