(අමල් වික්‍රමරත්න)
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී යම් කිසි අසාධාරණයක් සිදුව ඇත්නම් පළමුව අදාළ පාසලටත් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ අදාළ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පැමිණිලි වලට අදාළ අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
මේවන විට පළමු වසරට අදාළ අවසන් නාමලේඛන පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
අසාධාරණයන්ට ලක්වූවන්ට සහන ලබාදීමට විශේෂ සහන ඒකකයක් පිහිටුවා එමගින් ඇතිවන ගැටළු නිරාකරණය කිරීමට කටයුතු සකස් කර ඇතැයි අමාත්‍යංශයේ පාසල් සම්බන්ධීකරණ ඒකකය පැවසීය.
මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 15 වැනි දා සිදු කිරීමට සියලුම පාසල් වෙත අවශ්‍ය උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශය යොමුකර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා පාසලට තේරී පත් වුයේ නැත...