ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (12 වැනිදා) පස්වරුවේ තරග අත්හැර දමන විට ලකුණු 268 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ පිල එක කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 සහ දෙවැනි ඉනිම ඕවර 83 කදී කඩුලූ 4 ට 335 (තිලකරත්න ඩිල්ෂාන් 126, කුමාර් සංගක්කාර 105, කිත්රුවන් විතානගේ 59, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 38, මහ්මුදුල්ලා 70/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 196 කදී සියලූ දෙනා දැවී 638 (මොහෙම්ඞ් අෂ්රාෆුල් 190, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් 200, නසීර් හොසේන් 100, නුවන් කුලසේකර 94/2, ශාමින්ද එරංග 122/2, රංගන හේරත් 161/2, අජන්ත මෙන්ඩිස් 152/2, තිලකරත්න ඩිල්ෂාන් 75/2* සහ දෙවැනි ඉනිම ඕවර 22 කදී කඩුලූ 1 ට 70 (ජහුරුල් ස්ලාම් නොදැවී 41, මොහොමඞ් අෂ්රාෆුල් නොදැවී 22)
ඡයාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළමු ටෙස්ට් තරගය විසඳුමක් නෑ
ෂෙරිෆ් Tuesday, 12 March 2013 09:34 PM
තරඟයේ වීරයා සංගාට දෙන්න තිබුනේ, පොඩ්ඩක් හොඳට කල්පනා කර බලන්න. (නි)
අරවින්ද Wednesday, 13 March 2013 11:03 AM
පවු අනේ! අපේ ජාතික වීර කොල්ලෝ ටික (නි)
දුමීර Friday, 15 March 2013 11:42 AM
බංගලියන්ගෙනුත් අපි කන්න ඉතාමත්ම ආසන්නයි. ජය වේවා! (නි)
දිල්ශාන් Wednesday, 13 March 2013 09:30 AM
ඊලග එක අපි දිනනවා (දී)
චමින්ද Wednesday, 13 March 2013 09:44 AM
කණ්ඩායම් දෙකම එකවගේ (දී)
තරුක Wednesday, 13 March 2013 05:16 PM
අපේ කට්ටිය දිනනවා ඊලග එක (දී)
සදරුවන් Tuesday, 12 March 2013 08:29 PM
දවස් පහක්ම තරග නැරඹුවොත් ගෙදර මිනිස්සුන්ට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. (නි)