ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත් විය. මඩකළපුව පුස්තකාලය අසළින් ඊයේ (8) ආරම්භ වු තරගයේ පළමු අදියර සියඹලාණ්ඩුව නගරය දක්වා කිලෝමීටර 125.4 ක දුරකින් පැවැත්විණ. යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් පැය 2 යි. විනාඩි 52.26 කදී තරගය නිම කළ අතර යුද හමුදාවේම සමීර චතුරංග පැය 2 විනාඩි 52.33 කින් නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර ශී‍්‍ර ලංක පොලිසියේ සුධීර නිලංග පැය 2 විනාඩි 52.37 කින් තරගය නිම කරමින් තුන්වැනි ස්ථානය ලබාගත්තේය. රේසිං තරගයට සමගාමීව ඊයේ පැවැති ස්ටෑන්ඩර්ඞ් තරගයේදී තුෂාන්ත චන්දන, රුවන් ජයමාන්න සහ සී. පී. මීමනගේ පිළිවෙලින් පළමු ස්ථානයේ සිට තෙවැනි ස්ථානය ලබාගත්හ. ජාතික තරුණ සේවා සභාව සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම රේසිං පාපැදි තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 365 කි. දෙවැනි අදියර සියඹලාණ්ඩුව නගරයෙන් අද (9) ආරම්භවන අතර තරගකරුවෝ තිස්සමහරාම නගරයෙන් දෙවැනි අදියර අවසන් කිරීමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd