ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත් විය. මඩකළපුව පුස්තකාලය අසළින් ඊයේ (8) ආරම්භ වු තරගයේ පළමු අදියර සියඹලාණ්ඩුව නගරය දක්වා කිලෝමීටර 125.4 ක දුරකින් පැවැත්විණ. යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් පැය 2 යි. විනාඩි 52.26 කදී තරගය නිම කළ අතර යුද හමුදාවේම සමීර චතුරංග පැය 2 විනාඩි 52.33 කින් නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර ශී‍්‍ර ලංක පොලිසියේ සුධීර නිලංග පැය 2 විනාඩි 52.37 කින් තරගය නිම කරමින් තුන්වැනි ස්ථානය ලබාගත්තේය. රේසිං තරගයට සමගාමීව ඊයේ පැවැති ස්ටෑන්ඩර්ඞ් තරගයේදී තුෂාන්ත චන්දන, රුවන් ජයමාන්න සහ සී. පී. මීමනගේ පිළිවෙලින් පළමු ස්ථානයේ සිට තෙවැනි ස්ථානය ලබාගත්හ. ජාතික තරුණ සේවා සභාව සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම රේසිං පාපැදි තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 365 කි. දෙවැනි අදියර සියඹලාණ්ඩුව නගරයෙන් අද (9) ආරම්භවන අතර තරගකරුවෝ තිස්සමහරාම නගරයෙන් දෙවැනි අදියර අවසන් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු අදියරේ ශූරයා දිලීප