රටපුරා මේ දිනවල පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පොළොන්නරු දිස්ති‍්‍රකක්යේ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පාලන මිළට සහල් නිකුත් කිරිම ආරම්භ කරන බව එම සංගමයේ සභාපති ඩබ් ඩී. කේ. මුදිත් පෙරේරා මහතා කියයි.
වී අලෙවි මණ්ඩලය විසින් මහා පරිමාණ වී මෝල් හිමියන් වෙත නිකුත් කළ වි මෙට්‍රික් ටොන් 20,000 පමණ ලබා දි ඇතැත් මේ දක්වා එම වි තොග සහල් බවට පත් කර වෙළදපොළට නිකුත් කර නැති බවත් කී ඒ මහතා තම සංගමයේ මෝල් හිමියන් 52 ක් වී අලෙවි මණ්ඩලයෙන් වි ලබා දෙන ලෙස ලිබිතව ඉල්ලා සිටියත් වී ඇටයකවත් තමන් වෙත ලබා නොදුන් අතර තමන් වී අලෙවි මණ්ඩලය විසින් මහා පරිමාණ මොල්හිමියන්ට සහ කූට මෝල්හිමියන් කියාගත් පිරිසට දුන් වී තොග වලින් වැඩි මිලට වී රැගෙන මෙසේ පාලන මිලට සහල් ලබා දිමට කටයුතු කරන බවත් කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd