පොළොන්නනරුවේ කිසිදු වෙළඳසලක රජයේ පාලන මිලට හෝ වැඩි මිලට නාඩු සහ සම්බා සහල් නැති බව පාරිභොගිකයෝ කියති. කියන්න තරම් සහල් හිඟයක් පොළොන්නරුවේ නැති බවත් එසේ ඇත්නම් එය ව්‍යාපාරිකයන් සහල් සැගවීම නිසා ඇතිවූවක් විය හැකි බවත් පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා පැවසීය. එසේ සහල් සඟවා ඇති බවට තොරතුරු දන්න අය වහාම පාරිභොගිකසේවා අධිකාරියට හෝ තමාට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ප්‍රගතිශිලි ගොවිජන සම්මේලනයේ සභාපති එම්. කේ. ජයතිස්ස මහතා කියා සිටියේ රජය සතුව දැන් වී නැති බවත් හාල් මිල සේම වී මිලත් පසුගිය දිනවල ඉහළ ගිය බවත්ය. දැන් තැනින් තැන ගොයම් කැපීම ආරම්භ වී ඇති බවත් ගොවියාගේ දහදියෙන් වගා කරන කිසිම දෙයකට ගොවියාට ලාබයක් ගත නොහැකි බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගොවියන්ට තියෙන්නේ එ්ගොල්ලෝ වගා කරපු වී විකුණන්න තැනක් හදලා දෙන්න කියලා රජයට බලකරන එක. සහල් පොළවල් නගර වල හදලා දුන්නා නම් සහල් එ්කාධිකාරය නිකන්ම නැතිවෙනවා. ගොවියාටත් හොඳ මිලක් ලැබෙනවා (නි)
සහල් සඟවා ඇති අය ගැන හොඳ හැටියට දන්නේ සරල ජනාධිපති සිරිසේන සහ පොළොන්නරුවේ/අනුරාධපුරේ ආණ්ඩුවේ ඇමතිලා. අහස පොලොව නුහුලන ගණන් වලට හාල් විකුණලා මිනිස්සුන්ගේ බඩට ගසල එක පැත්තකින් ගසා කනවා, අනිත් පැත්තෙන් කුනුකොල්ලෙට ගොවීන්ගේ හාල් අරන් ගොවියෝ හූරන් කාල ගසා කනවා. මෙවැනි පහත් ජාවාරම්කාර තක්කඩින් සහ ඔවුන්ගේ සියලු ඕන එපාකම් සපුරන දේශපාලන බලපුලුවන්කරයින් කුණුවී යන්න ඕන! (බ)
ගොයම් කැපෙනවා නම් වී අලෙවි මණ්ඩලයට පුළුවන්නේ දැන් වී සාධාරණ මිලකට අරන් සහල් කර සතොස හරහා රටපුරා බෙදා හරින්න. මොකද ප්‍රමාද? මෙදාපාරත් අර අහවල් මුදලාලිගේ වත්කම වැඩි කරන්නද මණ්ඩලේ හදන්නේ? (නි)
තොරතුරු කව්රුවත් දෙන්න ඕනෑ නැහැ, ඔය පොළොන්නරුවේ ඉන්න ලොකු ලොකු වී ගබඩා පරීක්ෂා කළා නම් අතටම අල්ලගන්න පුළුවන්. එ්ත් ඉතින් කවුද යන්නේ පරීක්ෂණ වලට? හැම නිලධාරියම තමන්ගේ ජිවිතේට අාසයිනේ. (නි)
පොළොන්නරුවේ අය හංගලා වැඩේ දෙන්න දක්ෂයි. හැබැයි පස්සේ මාට්ටු වුණාම මෝඩයා හත්පොළේ ගාගත්තා වගේ දඟලනවා. (නි)
සහෝදරයෝ මේ වෙලාවේ නැතිනම් මොකටද (අ)
මිනිස්සු දාඩිය මහනසියෙන් හරි හමීබ කරණ දේවල් යොදවන්නෙ ගෙදරට අවශ්‍ය හාල් ටික තුන පහ ටික ගන්න එ් වාගේ දේවල් වලට වංචාව කරණ අයට ලැබෙින දේ බෞද්ධ දර්ශනය තුල පැහැදිළිව තියෙනවා. (ර)