(ක.ග කරුණාරත්න)
මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙසේ ප්‍රකාශ කළේය.
පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂවරයාගේ නිල නිවස ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ 48 ක මුදලක් වෙන් කිරීමත් බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය අලුතින් ඉදි කිරීමේදී එය මළ සිරුරු 35 ක් එකවර තැන්පත් කර තැබිය හැකි අන්දමේ විශාල මෘත ශරීරාගාරයක් ඉදි කිරීමත් ගෙනහැර දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
මේ මුදල් රජයේ මුදල්, රජයේ මුදල් කියන්නේ මහජනතාවගේ මුදල්, ඒ මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය කළමනාකරණයක්, විනයක් ඇතිව වියදම් කිරීම අවශ්‍ය වෙනවා. බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය සැලසුම් කළ අයත් තීන්දු කළ අයත් ඇයි මෙහෙම කළේ. ඒ මෘත ශරීරාගාරයේ මළසිරුරු 35 ක් දාන්න පුලුවන් එකක්. මේක සැලසුම් කළ අය අනුමත කළ අය හිතන්න ඕනෑ.
මේක අවුරුදු 100 කට ඇති පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂක නිල නිවාසය මිලියන 48 යි. අවශ්‍ය බඩු බාහිරාදිය දාල ඉවර වෙනකොට රුපියල් කෝටි 5 ක් යයි. සැලසුම් කිරීමේදී ඇස්තමේන්තු කිරීමේදී අදාළ නිලධාරීන් මේ ගැන හිතන්න. අපි සැලසුම් සකස් කරන කොට ව්‍යාපෘති හදනකොට විශේෂයෙන්ම 2018 අවුරුද්ද ජනතාවගේ ආර්ථිකය නංවන්න වැඩසටහන් හදන්න ඕනෑ.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මුති ආණ්ඩුවට කාටවත් දොස් කියන්න බැහැ. ධර්මය දේශනා වගේ තමයි කියන්න වෙලා තියෙන්නේ..
ඕක ඉතින් කෘෂිකර්ම අැමැතිවරයාගෙන්ම පටන්ගත්තා නම් ඉවරයිනේ. අර රාජගිරියේ තියෙන නත්තල් ගහෙන්ම....
හත්වලාමේ "මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් " කියලා වචන ටිකක් තියෙනවා බව අවුරුදු 60ක් 70ක් තිස්සෙම අපි කිසිවෙක් දැනගෙන හිටියේම නැහැනේ... මේක තමයි හේතුව සැමදාම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ... හරි හරි අද ඉඳලාම අපේ රට ගොඩ තමයි..
ඒක ඇත්ත. මහජන මුදල් ලක්ෂ 100 එක ඇමතියෙකුගේ රෝහල් බිල සිංගප්පූරුවේ ලංකාවේ සුව අැමැතිලු... හිතවතා නිසා එතන මුදල් නාස්තියක් නැත. රාජගිරියේ බිල... ඒක පක්ෂයක ලොක්කෙකුගේ යාළුවෙකුට.. අනෙක් පක්ෂයේ නමින් තමා ගෙවන්නේ අනේ මෙහෙම අපි කොහොමද යහපාලනය කරන්නේ? ජනාධිපතිතුමාගේ කතාව හරි අපි ඉන්නේ ලංකාවේ...
හෝ !!! හෝ !!! මේ නත්තල් කාලෙනේ. දකුණු ආසියාවේ තියන ලොකුම දේ තමයි මෙහෙ හදන්නේ. තව ප්‍රවෘත්තියක් තිබුණා... දකුණු කොළඹ රෝහලේ මළ මිනි නරක්වෙනවා කියලා. ඉඩ මදිලු. ඔන්න ලංකාවේ ගසා කෑමේ විදි. අනවශ්‍ය තැනට අනවශ්‍ය දේ.
මේ කියන දේ පැහැදිලි මදි. මිලියන 48ක් වැය කිරීම වැරදි නම් එහි ප්‍රමාණ පත්‍රය යළි පරික්ෂා කළ යුතුයි. ඒ වගේම මෘත ශරීරාගාරය ලොකු මදි කියලාද මේ කියන්නේ?
"මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය" රාජගිරියේ හිස් බිල්ඩිමට මිලියන් ගණන් දුන්නේ කොහොමද, ඒවා කවුද දුන්නේ? ඒවා නොදන්නා විදියට කවුරුත් ඉන්නේ ඇයි කියලත් හොයලා බැලුවොත් මොකද?
මේ ලියුම්කරු මිලියන, ලක්ෂ අඳුරන්නේ නැති ගොනෙක්...
අධ්යක්ෂ බංගලාව කෙසේ වෙතත් හෙට ගැන හිතා කරන අලුත් ගොඩනැගීමක් නම් බකමුණේ ඉදිකරන සිරුරු 35 ක මෘත ශරීරාගාරය වැරදි තීරණයක් නොවේ. අද ගැන හිතහිතා හෙමින් යන අයට මෙය වැරදි දෙයක් ලෙස පෙනිමෙහි ද වරදක් නැත. එක අතකින් රෝහල් වල බිම නිදාගෙන ප්‍රතිකාර ගන්නා අයට විපතක දී මෘත ශරීරාගාරයද අකැප විය යුතු යැයි තර්ක කිරීමටද බැරි කමක් නැත. මාරයා අත වනන විට 35 කියා අවමයක්ද නැත.
ඔබතුමාගේ දවසක වියදම් කීයද? ඇමති කෙනක්ගේ දවසක වියදම කීයද? මුළු ඇමති මණ්ඩලයේ දිනක වියදම කීයද?
මූල්‍ය විනයයි, කළමනාකරණයයි, කියන දෙය මහබැංකුවට අදාල නැතිද ?
මහබැංකුවෙන් ගත්තේ ළුෑණු බිකක් නේ... ඒ වගේද මේක..?
මහජන මුදලින් ලක්ස 100 ක් අරන් පිටරටින් බෙහෙත් ගන්න සෞඛ්‍ය ඇමති කෙනෙක් යටතේ පාලනයවන රෝහලක සිරුරු 35 ක මෘත ශරීරාගාරයක් හැදීම වැරදි තීරණයක් නොවේ.
ඔය අදහස අර රුසියාවෙන් ගන්න හදන නැවටත් දාලා බලනවද? මොලේ කලඳක් වත් තියෙනවා නම්...
ඔය කාලේ සෞඛ්‍ය ඇමති කවුද දන්නේ නැහැ. තමන්ගේ ගමේ මේ වගේ දේවල් වෙනවා දන්නේ නැතිද?
මේවා අපිට කිවුව කියල අපි මොකක් කරන්නද ? ඔබතුමනේ රටේ විධයක් ජනාධිපති බන කියා කියා ඉන්නේ නැතුව මේවා කරන නිලධාරීන්ට විරුධව ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔබ නේද ?
මෙයා කාටද මේවා කියන්නේ? අවුරුදු පහක් සෞඛ්‍ය ඇමති... ඊළග තුන ජනාධිපති, වැඩ මෙහෙම නම් බැරිකම එයාගේ... කොහොමද?
ජනාධිපතිතුමා ඔයගැන වැඩිදුර හොයන්නේ බලන්නේ පරිස්සමින්... ඕක ඔබතුමාගේ ගම්පළාතනේ.. හොයාගෙන යනකොට කොන්ත්‍රාත්කාරයෝ, කොමිස් ගහපු දේශපාලකයෝ, නිලධාරී අතරේ ඔබතුමාගේ නෑයන්, හිතවතුන්, පාක්ෂිකයන් ඉන්න පුළුවන්.. ඕවා පත්තර වල වැටුණාම වෙන්නේ ලොකු ප්‍රශ්න... මේ ඡන්ද අස්සේ ඔබතුමා ගමේ පාක්ෂිකයන්ට පෙනේ පුප්පන්න ගිහින් ඒ අය පොහොට්ටු පුම්බන්න ගියොත් වෙන්නේ ලොකු ප්‍රශ්නයක්... පුලුවන්නම් ඡන්දෙට කලින් අර මහබැංකු හොරු ටික වැලිකඩ රිමාන්ඩ් එකට යවලා හිටින්නකෝ... එතකොට ගමේ මිනිස්සු ඒක මාර්කට් කරලා ඡන්දෙ ගොඩ දාවි. ඊට පස්සේ කාට කාටත් ඕක අමතක වුණාම, ඕනේ නම් ඒ ටිකට ඇප දෙමු . ලබන මහා ඡන්දෙ කිට්ටු වුණාම කේස් ඒක අාපහු උඩට ගනිමු.
රටේ අාදායම වැඩිකරන්න කිසිම දෙයක් නැහැ. හැම දේශපාලකයෝම හදන්නේ ගොඩනැගිලි, පාරවල් හදන්න, ගසා කන්න දෙන්නවත්, රටට අදායම ගෙන දෙන, රැකියා වැඩිකරන ව්‍යාපෘතිවලට අවධානය යොමු කළොත් හොඳයි. කොමිස් මතම දේවල් නොකර ඔය රෝහල් ප්‍රධානියාට මිලියන 48 ක නිල නිවාසයක් හදන වෙලාවේ කර්මාන්ත ශාලාවක් හදලා රස්සා දුන්නා නම් මොකද..?