(ඩී.ජී.සුගතපාල)

උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින්  අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

ඔවුන් කියා සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බවත් මේ තත්වය තව දුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවි අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.