බස්නාහිර පළාත් සභාවේ බහුතරය සිටින්නේ තමන් සමඟ යැයි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
පළාත් සභාවේ සන්ධානයට සහාය දක්වන මන්ත්‍රීන් 61 දෙනකු සිටින බවත්, ඉන් පනස් ගණනක්ම තමන් සමඟ සිටින බවත්, තමාට එරෙහි මාධ්‍ය හමුවට ගොස් ඇත්තේ මන්ත්‍රීන් 10ක් පමණක් බවත් රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ බවත්, පක්ෂය නොකැඩී ශක්තිමත් කිරීම පක්ෂයේ සභාපති වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය.
පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීවේ ජනපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ බවයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජයවේවා මැතිඳුනි! (නි)
ඔතන ඉන්න ඔළු ගණනින් දැනට රටේ තියෙන ජනමතය නියෝජනය වෙන්නේ නම් නැහැ මහත්තයෝ. මේ වෙච්ච පෙරලියනම් ඔබතුමාලට සුබදායක නැහැ කියලයි මටනම් හිතෙන්නේ. වටේ ඉන්නේ නිදහස් පක්ෂයේ අය නොවේනේ? ඒ අය වලිකන්නේ ඒ අයට පොටක් පාද ගන්න. බැලුවහම පක්ෂය දෙකඩ වෙන්නේ ඔබතුමා නිසා කියලයි මටනම් හිතෙන්නේ. (නදී)
අජිත්. මහින්ද පරාද වුණා තමයි. එත් ජනතාවගේ ඉල්ලීම අඩුවෙලා නැහැ. කොහොම වුණත් එක වරක් පරාද වුණු මහින්දට ඔබ ඔහොම කියද්දී 29 වරක් පරාද වූ රනිල් ගැන මොකක්වත් කියන්නේ නැහැනේ.? ඒ ඇයි? (ම)
කවුද කෙනෙක් මේ පුවත් තීරයේ අනෙක් අයගේ නම් වලින් ලියනවා . මම දැක්කා තව දෙතුන් දෙනෙක් මේගැන අද දවසේ ලියලා. අපේ නම්මෙතන ලියා පදිංචි කරලා නැහැ. එත් මෙච්චර නම් තියන එකේ තමන්ට වෙනම නමක් සොයා ගන්න බැරි ඇයි? (බ)
ඒ කාලේ කවුදෝ මට කියනවා ඇහුණා, "ගම්මන්පිලගේ දේශපාලන පතිවත පටාස් ගෑවා එක පාරක් පැන්නම..ආපහු පටාස් ගෑවා කියලා අනිත් පාර පැන්නම" (බ)
දන්නැති නිසා අහන්නේ ගම්මන්පිල මොන පක්ෂේද (නදී)
මට පෙනෙන්නෙ මහා ඡන්දෙට කලින් ඔබතුමාට බොහොම හොඳට හිතලා වැඩකරන්න වෙයි වගෙයි (නි)
සන්ධානයට හිමි වුනු ආසන සංඛ්‍යාව 56 යි. 10ක් අනිත් පැත්තට ගියොත් 46 යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ බහුතරය නැති වෙනවා.(නදී)
දිලිප්. දන්නවා වගේ නොදන්නා දේවල් කතා කරන්න එපා. එතන වටවී සිටින 99%ක්ම ශ්‍රී ලංකා මන්ත්‍රීවරු. ඔයත් ෆේස්බුක් නඩේ කෙනෙක් වගේනේ. (නදී)
පක්ෂේ ඔලුව උස්සන්න නම් දෙවන පෙළ නායකත්වයක් එන්න ඕන ,පැරදුන මුත්තා ඉස්සරහට ගෙනල්ල ලබන ජනාධිපතිවරණයට එන්නේ කවුද ? (බ)
ඉහත දුල්මි නමින් ලියන කෙනාට ලැජ්ජාවක් නැහැ. මම ඊයේ පැහැදිලිව මෙතන පාඨක සභාවේ ලිව්වා මම අවුරුදු ගානක් තිස්සේ දුල්මි නමින් ලියන්නේ ඒ නිසා වෙනත් නමක් සොයා ගන්න කියලා. දෙපාරක්ම කරුණාවෙන් කියල තවමත් නොතේරෙන්නේ ඇයි (බ)
මෙයා හරියට බණ්ඩාරනායක මහත්තයාගේ ගෙදර ඉන්න ගමන් පක්ෂයට සම්බන්ධ වුනා වගේ කතාව. (බ)
දුල්මි ඔය වැඩේ මටත් සිදු වුනා. මෙතන කවුරු හරි කෙනෙක් අලුතෙන් සභාවට ඇවිත් වෙනත් අයගේ නම් කිහිපයකින්ම අදහස් ලියනවා. මගේ නමින් අදහස් ලියපු කෙනාගේ භාෂා හැසිරවීමත් ඔය ඉහත දුල්මිගේ වගේ කිසිම චාරයක් නැති විදියට . බොහෝ විට මේ එක්කෙනෙක් වෙන්න ඉඩ තිබෙනවා. අපිට ඇති කනගාටුව ඉතා සැලකිල්ලෙන් කාන්තාවන් හැටියට මෙතැන භාවිතය ට සුදුසු වචන තෝරාගෙන අදහස් ලියන අපි ගැන මේ වගේ "අම්බරු" භාෂාවක් භාවිත වුනාම අනෙකුත් පාඨකයන්ට මොනවා නොහිතේවිද යන්න. (බ)
මේ බොහොම දෙනාට දැන් යන එන මන් නැතිව දුවන පාටක් පේනවා. මහින්ද සදාකාලිකයි කියල තමා එයාලට හිත් වලට කාවද්දල තිබුනේ. . දැන් ඉතින් මානසික ලෙඩ්ඩු ගොඩක්. (ස)
ගම්මන්පිල මුලින්ම කළේ තමන්ගේ පක්ෂය කඩාගෙන එළියට පැන්න එකනේ. දැන් එයා හෙළ උරුමයේ නැහැ. (නි)
මෙහෙම කීවට එදා මහින්දගේ ආණ්ඩුවේ ඇමතිවරු ලෙස හිටියේ නිදහස් පක්ෂයේ කීදෙනාද? ඔක්කොම පට්ට යූඑන්පී කාරයෝ. බලතන්හාවට මහින්ද යූඑන්පී හොරු ලඟට අරගන පක්ෂය නැතිකළා. නිදහස් පක්ෂයේ අපිට ඇටිකෙහෙල් කාපු උගඩුවෝ වගේ බලන් ඉන්න උනා. සියලුම රැකියා මහින්ද,බැසිල්,නාමල් හරහා දුන්න නිසා අපේ ගම්වල ඇමතිවරුන්ට කරන්න දෙයක් තිබුනනේ නෑ.අපේ ඇමතිවරුන් වගේම අපිත් මොනතරම් බයකින්ද ජීවත් උනේ.සබාපතිවරුන් අතින් අපේ දුවලා දුෂණය වෙද්දී අපිට කියන්න උනේ දෙවියන්නට පමණී. එල්යීටීඊ එකට වඩා බයානක පාලනයක් රට තුල තිබුනා. ජනපති සිරිසේන මැතිදුනි ඔබට ගොඩක් පින්, අපිවත් පක්ෂයත් බේරා ගත්තට. (ස)
අපි නම් දැන් කාගෙවත් කතා පිළිගන්නෙ නැහැ (නි)
හිතවත් යහපාලන පාඨකයනි, ජන්ද ලක්ෂ 62ක් නැවත අරගෙන පෙන්නන්න ඉදිරි මැතිවරණයේදී. (ස)
මෙම සභාවේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නන් සමඟ සමහරු හරිම තරහයි වගේ. (නි)
ප්‍රසන්න මහතාට ජයවේවා! (නි)
එකම පවුලේ අය පිල් දෙකකට වැඩ කරනවා නම් මට නම් දෙන්නම ගැන සැකයි (නි)
අර නාන ලිඳ රුපියල් ලක්ෂ 17 කින් අලුත්වැඩියා කල නෝනගේ මහත්තයත් මෙතන ඉන්නවාද? ප්‍රසන්න හැර මහ ඇමති කමට සුදුස්සන් තමන් යයි සිතන අය මෙතන ඉන්නවාද? (නදී)
ප්‍රසන්න මොනවා කිව්වත් මිනිස්සු ගරුකරනවා ඔහුට. නමුත් ගම්මන්පිලලව මිනිස්සු ගනන් ගන්නේ නැහැ (නදී)
පක්ෂය ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කියලා මෙයාලා කිවුවාට"කුට්ටම කොහොම ඇනුවත් මතුවන්නේ පසුගිය රජයට සම්බන්ධ දූෂිතයන් " කියලා කව්දෝ ඇමති කෙනෙක් කිවුවා වාගේ මතකයි. (නි)
අනේ අපි වගේ අම්බරුවන්ට අවුරුදු ගානක්ම ප්‍රසිද්ධියේ තණකොල කන්න අවස්ථාවක් දුන්නාට පින්සිදු වෙනවා (නි)
අපේ අප්පචි ජනවාරි 8 මැරුණා අපි තුන් මාසේ දානෙත් දුන්න .මෙතන ඉන්න මෝඩ රැල මැරුණ මිනිහට පණ දෙන්න හදනවා .....(ම)
ප්‍රසන්න අවංක නිර්ශිත ශ්‍රේෂ්ට පුද්ගලයෙක් .කෙදිනක හෝ අගමැතිකමට වුවත් සුදුසුය අපි ඔහුට ජය ප්‍රාර්ථනා කරමු (ම)
ජනපතිතුමනි, විධායක වේවැල ටිකක් වනන්න වෙනවා දැන්නම් (නි)
ලොක්කත් ඔහොම තමයි කිව්වේ මුලින් රටේ බහුතර තමන් සමගයි කියලා.අන්තිමේදී මොකද වුණේ.(ම)
වැඩි දෙනෙක් ඉන්නේ අපිත් එක්ක කිව්වට ආයෙත් සැරයක් ජනතාව ගොනාට අන්දන්න උත්සහයක් දරලා වගෙයි. අපිත් පිළිගන්නවා දුර්දාන්ත පාලන ක්‍රමයක් විසින් ජනතාවට උරුම කලේ ඉච්ඡාභංගත්වයත් පරාජිත මානසික තත්වයත්. මේ රෝගී තත්වයට පිළියම් කිරීමට මහින්ද ක්‍රියානොකළේ ඔහුගේ ජයග්‍රහණය රඳා පැවතුනේ මේ පිරිහුණ මානසිකත්වය මත බව ඔහු හොඳින් දැන සිටිය නිසයි. මේ රැස්වීම ඒ රෝගීන්ගේ පැවැත්මට ප්‍රතිපාදන සපයන තවත් එක අවස්ථාවක්. හොඳ වෙලාවට දේශපාලඥයින්ට වඩා ජනතාව බුද්ධිමත්. මානසික වශයෙන් නිරෝගීයි. (නි)
බහුතරය ඉන්නවා නම් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ! (නි)
කොච්චර අවංකද කිව්වොත් ඡන්දෙ කරන්න කියලා රුපියක් 100 ගානේ එකතු කරගෙන ලජ්ජා නැතිව දැන් ශ්‍රී ල නි ප ය ගැන කතා කරනවා. (ම)
ගම්මන්පිල මහත්තයෝ, අනුන්ගේ වැඩවලට අත ගහන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳ නේද? ඔය පක්ෂය දෙකට කඩන්නේ ඔයගොල්ලෝ වගේ අයයි. කරුණාකරලා පැත්තකට වෙලා පක්ෂයේ මිනිසුන්ට ඒක කරගෙන යන්න ඉඩදෙන්න. (නි)
එයාලා නැතත් ජනතාව ඔබ සමඟ ඉන්නවා. ඔබතුමා හරි, ප්‍රතිපත්තියක සිටින තාක්කල් (නි)
නියමයිනේ මහත්තයෝ! (නි)
ශ්‍රීලනිපය හා සන්ධානය රැකගන්න පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මැතිතුමා සහ ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමා ඇතුලු බස්නාහිර පළාත් සභා සන්ධාන කණ්ඩායමට ගුණමකු කේජු කපුටන්, කපුටියන් මොනදේ කිව්වද “බල්ලෙක් බිරුවාට කන්දක් කඩා නොවැටෙන සේ” ඔබතුමාලා නොසැළෙන ගුණයෙන් යුක්ත බව අපි දනිමු. එය පාක්ෂික යුතුකම සේද අපි දනිමු. එළඹෙන මැතිවරණයේදී ජනතාවගේ යුතුකමේ මනාපයෙන් ඒ උතුම් මිනිස් ගුණ ඇති ඔබ සියලු දෙනා පිදුම් ලබනවා නිසැකයි. කේජු කාණ්ඩයට ජනතා අධිකරණයෙන් ඇපත් නැතිවෙයි.මොනව කරන්නද “කළ කළ දේ පළ පළ දේ” කියනවනේ. (නි)
ගම්මන්පිල මෙතනට ආවේ මොකටද? (නි)
දැන් කතා ඇති හොඳටම! (නි)
ගම්මන්පිලලා මොකද ශ්‍රීලනිප ය හදන්න දඟලන්නේ? (නි)
අපි මොකටද පරාද මහින්ද පිලට යන්නේ? (නි)
කිසිම තැනක කියන්න එපා බහුතරය ඔබට කියා.ඡන්දයකින් පසුව කියන්න. (නි)
අැයි මහත්තයෝ හෙළ උරුමය දෙපලු කළේ කවුද කියන්න.? (බ)
ඔබ තුමන්ලාට ජය වේවා.! ඔහොම යන්. (ර)
ඔබ තුමන්ලාට ජය නියතයි (ම)
මේ මොකද මේ එ් ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතාකරන්නේ? (නි)
මේ සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතාකරන්න තිබෙන අයිතිය කුමක්ද? (නි)
මොනවා කරන්නද.? මේ කොමෙන්ට් කියවන කොට තේරෙනවා උගතුන්ට සහ උගත්කමට මිනිස්සු කොච්චර බයද ඉරිසියාද කියලා. උදය ගම්මන්පිල කියන්නේ නීති වේදියෙක්. විදේශ උපාධි සහිතව අධ්‍යාපනය හමාර කළ බහුශ්‍රුතයෙක්. උදේ සවස පන්සිල් සමාදන්ව එහි පිහිටන හොඳ ථෙරවාද බෞද්ධයෙක්. ඒ වගේම සදාචාර දේශපාලනයේ යෙදී සිටින මානව හිතවාදියෙක්. එතුමා හෙළ උරුමය හා සිතින් සම්බන්ධ වුවද සල්ලි පොදී පෙනී පෙනී එය හැරදැමුවේ රටට සිදුවන්නට යන විපත දැකලාය. එතුමා අද "පිවිතුරු හෙළ උරුමය " නමින් තනි පක්ෂයක් පිහිටුවා ගෙන සන්ධානය සහ එක්ව යන්නේ රටේ ඒකීය භාවය රැකගනිමින්, ආර්ථිකයේ පසුබෑමක් ඇතිවෙන්නට ඉඩ නොසලසමින්, ප්‍රෞඩ නායකත්වයක් කෙරෙන් ජනතාවගේ ජිවන බර අඩු කරමින් රට ඉදිරියට ගෙන යාමේ උදාර පරමාර්ථයෙනි. එම අරමුණෙන් එතුමා සටන්ගතවී කැපවී සිටියි. එතුමා හෙළ උරුමයේ ඊනියා පාරිසුද්ධත්වයේ හෙළුව පෙන්වමින් තැබූ පියවර වැරදි නැති බව බුද්ධිමත් ජනතාවට දැන් අවබෝධ වී හමාරය. ' අැල් වතුරත් නිවලා බොනවා" යයි මඩ වචන භාවිතයින් එතුමා සැලුනේ නැත. තව තවත් ධෛර්යමත් විය. එම මඩ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ගම්මන්පිලගේ පවිත්‍රත්වය බව සහ අහිංසාවාදී බවය. ආගමානුකුල දැහැමි ජිවන රටාව ය. උදය ගම්මන්පිල සිටිනා තැන අදෘශ්‍යමාන ශක්තියක් නිර්මාණය වන බව ඔහු හා දේශපාලනය කරන්නෝ දනිති. බම්මන්නෝ නොදනිති. උදය ගම්මන්පිලට සමාන කරන්නට හැකි අයෙකු අනෙකුත් පක්ෂ වලින් ඉන්නවානම් කෙනෙකු තෝරා ඉදිරිපත් කරන්නටයයි මම බම්මන්නන්ට අභියෝග කරමි. ඒ නිසා බොරු වචන ලියා මටවත් තවත් කෙනෙකුටවත් මඩ ගහන්නට යන්න එපා. ඔබේ බමුනුකම තවත් පැහැදිළි වේවි . (නදී)
ජනාධිපති තුමනි මුන්ගේ කටවල් වහන්න නම් මේක විසුරුවල දමල නව ඡන්දයක් තබන්න , නැත්නම් ඔබතුමාට ගෙදර යන්න වෙන දිනය වැඩි ඈතක නොවේ (බ)
මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැස් වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ඔහු අවමංගල්‍යයන් පවා දේශපාලන රැස්වීම් බවට පත් කරයි. ජනතාව අමතයි. වහසි බස් දොඩයි. ජනතාව හඬවයි.මේ අතර, ඔහුගේ පහනින් එළිය බලන්නට පොරකන ඔහුගේ ගෝලබාලයෝ ඔහු ඉදිරියට දමාගෙන දේශපාලන ගමනකට පිඹුරුපත් සකසති. (බ)
යාන්තම් ඇති. අද නම් සත්‍යා පඬිතුමා මුල මැද අග ගලපන වාක්‍ය කීපයක් ලියලා තියෙනවා. (නදී)
අර ගම්මන්පිල හැරී හැරී කතා කරන බවලති කවුද ? (ස)
අනුන්ට ඇඟිල්ල දික්කරන්න එපා. පක්ෂය කැඩුවේ කවුද කියලා දන්නවනේ! (නි)
අපොයි! මෙයා ශ්‍රීලනිප යේ මුල් සාමාජිකයෙක් වගේනේ හරියට කතාව! (නි)
අර අපෙන් ගත්ත 100 අපහු දෙනවද ? එ්කෙන් කෝටි 350ක් නැන්දම්මට දුන්න කියන්නේ ඇත්තද ? (ස)
උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වගේම සන්ධානේ සාමාජිකයෙක්. ඒ වගේම නො බිඳුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහිත සන්ධානය රැකගන්න එතුමාට යුක්තිසහගත අයිතියක් තියෙනවා. එතුමාගේ තර්කානුකුල වාගේම කරුණු පැහැදිළි කරන නිරවුල් කතාව බොහෝ දෙනෙකුට අහන්ඉන්න බැරි බව පෙනෙනවා. ඒකට ඉතින් මක් කරන්නද.? ඇත්ත හැමෝටම රස නැහැනේ. (ස)