එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට යළිත් මරණීය තර්ජන කළැයි කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙන් ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
තමා ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම කරද්දී පාපැදියකින් ආ මන්ත්‍රීවරයා තමාට පිස්තෝලයක් පෙන්වා මරා දමන බවට තර්ජනය කළැයි ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
මෙම මන්ත්‍රීවරයා කොළඹ අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පති වෙන කැඳවා නිසි පරීක්ෂණයක් නොකැර සිද්ධිය බේරුම් කළ බව ද ඔහු අධිකරණයට කියා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට මැයි 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලා බබ්බු ක්‍රමය අප රටට ගැළපෙන ක්‍රමයක් නෙමෙයි. (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කළයුතුයි. නිසිප්‍රකාර දඬුවම් කිරීමෙන් පුර්වාදර්ශයක් ලබා දියයුතුයි. නීතිය සැමට සමාන බව හැකිතාක් දුරට සනාත කළයූතුයි. පසුගිය රජය යටතේ සිදුවුණු ප්‍රධානම වරද තමා නීතියේ ආධිපත්‍යය ඉටුනොවීම. (නි)
දැන් මේක නිකන් රැල්ලක් වගේ වෙලා (නි)
දේශපාලන-ව්‍යාපාරික ගැටළුවක් වගෙයි (නි)
කපටි නායකයන් සමග යහපාලනය සිහිනයක්. දේශපාලකයනට බලවතෙක් වෙන්න ඕන. (ම)