(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙවර පළාත් සභා මැතිවරණය පමණක් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු වන අයුරින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පළාත් සභා නවයෙන් හයකම නිල කාලය මේ වන විට අවසන් වී ඇති නිසා එම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට විධි විධාන සැලසිය යුතු බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
නව මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බව ද ඇමතිවරයා කීවේය.
එබැවින් පැරණි ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොහේ තියන කැබිනට් එකක් ගැනද කියන්නේ? ගෙදර තියන ලී එක ගැන වෙන්න ඇති අගමැති නැති වුනාම කැබිනට් කොහෙන්ද?... මෝඩයෝ
මෙච්චරකල් ඇද්දේ මොකද දන්නේ නැහැ.
විනයක් නැති රටක කිසිම මැතිවරණයක් අවශ්‍ය නැහැ. මැතිවරණය තියන්න ඕනේ ශිෂ්ට සමාජයක පරිපාලනය සඳහා මිස කැළෑ නිතිය ඇති රටකට නොවේ. මැතිවරණයේ ප්‍රතිපල වනුයේ මේ රට විශාල කැලැවක් බවට පත්වී තව තවත් කැලැ නිතිය රජවීම පමණි.
දුරදිග නොබලා වැරදි පුර්වාදර්ශ දෙන්න එපා. නැවත ඡන්ද විමසිමක් කරන්න වැරද්දක් සිදුවී තිබෙනවානම් නිවැරදි කරගන්න
ශ්‍රී.ලං.නි.පක්ෂයම නේද පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වනවාට විරුද්ද වුනේ?
බහුතරයක් නොමැති කැබිනට් එකෙන් කොහොමද මෙවැනි තීරණ ගන්නේ. මේවා සියල්ල නීති විරෝධීයි. ව්‍යවස්තා විරෝධීයි.