(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හානි කිරීම හා අමාත්‍යවරයාට පහරදි තුවාල කිරීමට අදාළ නඩු විභාගයේ තීන්දුව හෙට (16) ප‍්‍රකාශයට පත් කරන බව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අධිචෝදනා ලබා, දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින විත්තිකරුවන් පස් දෙනා අතරින් දෙදෙනෙකු ලබන 16 දක්වා රිමාන්ඩ් කිරීමටද නියෝග කෙරිණ. අනෙක් විත්තිකරුවන් තිදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණය මග නොහරින ලෙස ද විනිසුරුවරයා තරයේ අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd