එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට මුල්වන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ › ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලති. එය කළ යුතුම යැයි කියා තම සංවිධානය ජනාධිපතිවරයාට බල කරන බවත් එසේ නොකරන්නේ නම් දැඩි තීන්දුවලට යන්නට සිදුවනු ඇති බවත් ඒ හිමියෝ කියති. තුනෙන් දෙකක බලයක් ඇති රජයට මෙය ඉතාම පහසු දෙයක් බවත් ඒ සඳහා සහාය දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ගුණවංශ හිමියෝ පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයාලා කොහෙද යන්නේ? (නි)
බොහොම කාලෝචිතයි (නි)
හොඳ ඉල්ලමක් (අ)
අනේ වාසනාවන්! (නි)
ඒකනම් නියමයි. අනේ මේ රටේ සල්ලි නැති කරන එක නවත්තන්න පුළුවන්. නැති කරන්න ජනපතිතුමනි, (අ)
මේ සුදු අලියා වහා පන්නා දමමු (නි)
ගරුරවනීය ස්වාමීන්වහන්ස..... අද වෙන කොට රටේ බහුතරයක් සිංහල බෞද්දයන් ඉතා හොදින් වටහාගෙන ඇති කාරණයක් නම් මෙරටේ සිංහල බෞද්ධ ජනතාවගේ එකම ආරක්ෂකයා අතිගරු භික්ෂුන් වහන්සේලා පමණක් බව.එම බව දැනට රටේ ඇතිවෙමින් තිබෙන බෞද්ද්යන්ගේ නැගිටීමෙන් සහ බෞද්දයන් රටට ජාතියට සැබවින්ම ආදරය කරන ගරු ස්වාමීන්වහන්සේ වටා එකතුවෙමින් සිටෙමෙන් පෙන්නුම් කරි.මෙය රටේ වාසනාවකි.මෙතෙක් කල් දේශපාලනාඥයන් වට එකතු වී සිටි ජනයා එ ඉන් රටටවත් ජාතියටවත් පලක් නොවන බව දැනටමත් වටහාගෙන ඇත.ඔබ වහන්සේලා ගන්න ඕනෑම ජාතිමාමක තීරණයක් වෙනුවෙන් අපි එක හඩින් ඔබ වහන්සේලාට සහයෝගය දෙන බව මෙ ඉන් ප්‍රකාශ කරමි.තවද සියලු දේශපාලනාඥයන් දුරින්ම දුරස් කර සියලු සිංහල බෞද්ද්දයන් ගමේ පන්සල සහ ජාතිමාමක භික්ෂුන් වට එක රොක් වන ලෙස සැමගෙන් ඉල්ලන්න (අ)
ඉතාමත් කාලෝචිතයි. බඩුමිළ අඩුකරගන්ඩ , රටේ යහපතට ගොඩක් සල්ලි ඉතුරු කරගන්ඩ පුලුවන් හොදම ක්‍රමයක්. පදුරක් පදුරක් ගානේ ඉන්න මන්ත්‍රීලව ඉවත් කිරීම සම්භන්ධයෙන් අපේ සුභ ප්‍රාර්ථනා හාමුදුරුවනේ ඔබ වහන්සේට.ඡන්ද වලට වියදම් වන සල්ලි , මෙයාලට දෙන පඩි,අනිකුත් පහසුකම් වෙනුවෙන් වියදම් , හොරකම් කරන දේවල් ඉතුරු වුනාම බඩු මිළත් අඩු කරගන්ඩ පුලුවන්. සුභ අනාගතයක් ! (අ)
"දර්ෂන් 2012-10-17 08:35:38 බොහොම හොඳයි , පළාත් සභා නිසා අහක යන නරි රජකරනවා" පිටු ගානකින් කියන්න බැරි දේ කෙටියෙන්ම කියලා..! අපිත් ඔබ සමග එකඟයි. ඇත්තටම මේ ගැන ජනමත විචාරණයක් තිබ්බොත් ඒ එන උත්තරෙත් ඕක තමා... (නි)
එහෙම වුනොත් නම් හොදයි (නි)
පළාත් සභා ක්‍රමය ගෙනාවේ උතුරේ ප්‍රශ්නයට විසදුමකටයි. පළාත් සභා නැති කරනවා නම් උතුරේ ප්‍රශ්නයට හොද විසදුමක් දෙන්න. (නි)!
ඇත්තටම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුම දෙයකි. මක්නිසාද යත් මෙවන් කුඩා රටටකට පළාත් සභා ක්‍රමයක් අවශ්‍ය නොවේ. ඉස්සර පාර්ලිමේන්තුවේ විතරයි මන්ත්‍රි/ඇමැතිවරැ හිටියේ. දැන් පදුරක් පදුරක් ගානේ මැති ඇමති වරු. ඔය ඔක්කොගේම වියදමි යන්නේ අහිංසක මහජනතාවගේ කර පිටින්. යාන වාහාන,ඉන්ධන,ඖෂධ වියදමි ආදී නානාප්‍රකාර වියදම් මේ මගින් අහෝසි කරීමට හැකි වන අතර විශාල මුදලු සම්භාරයක් ඉතුරු කර ගැනීමට හැකි වෙනවා. පළාත් සභා ක්‍රමය නිකන් සුදු අලියෙක් විතරයි. ශ්‍රි ලංකාව මෙන් 64 ගුණයක් විශාල වන ඉන්දියාවට පළාත් සභා ක්‍රමයක් ගැලපුනත් ශ්‍රී ලංකාවට එය කෙසේවත් ගැලපෙන්නේ නැත. ඔබ වහන්සේලා ගන්න ඕනෑම ජාතිමාමක තීරණයක් වෙනුවෙන් අපි එක හඩින් ඔබ වහන්සේලාට සහයෝගය දෙන බව මෙ ඉන් ප්‍රකාශ කරමි.තවද සියලු දේශපාලනාඥයන් දුරින්ම දුරස් කර සියලු සිංහල බෞද්ධයන් ගමේ පන්සල සහ ජාතිමාමක භික්ෂුන් වට එක රොක් වන ලෙස සැමගෙන් ඉල්ලන්න.(නදී)
ගරු හිමිපාණෙනි, මගේ අදහස නම් මෙම පළාත් සභාව හරියට ප්‍රයිවට් බස් වගේ යන්නයි (නි)
අදහස නම් ඉතා හොදයි (නි)
විධායකේ අහෝසිකරන්න පොරොන්දු දුන්න අයගෙන්ද ඕවා ඉල්ලන්නෙ. හාමුදුරුවරුනුයි දේශපාලකයොයි ඔක්කොම කරන්නෙ ජනතාව ගොනාට අන්දන එක. (නි)
කමල්, ඔබගේ අදහස් මා ඉතාමත් අගය කරනවා. අපි සියල්ල එකතු වී මේ පළාත් සභා නැමැති පිළිලය ඉවත් කළ යුතුමයි. (නි)
අපේ රටට ඉතාම සුභදායක යෝජනාවක් මේක (නි)
ලුම්බිණිගේ අදහසේ අන්තිම වැකියෙන් පැවසෙන දේ පාඨකයන්ට තේරෙනවද මන්දා (නි)
මේ පළාත් සභා ක්‍රමය ගෙනාවේ උතුරේ ප්‍රශ්නයට විසදුමකටයි. එජාපය මේක ගෙනාවට ඒකෙන් බුක්ති විඳින්නේ වත්මන් රජයයි. එහෙම නේද? (නි)
ඔන්න ඔහොම යන් හාමුදුරුවනේ. (නි)
හාමුදුරුවනේ හොදම හොද යෝජනාවක්.. මුළු රටේම ජනතාව එකග වෙයි.. (නු)
හොදක් ඔහොම දෙයක් වුණොත් නම් (නි)
එතකොට දැන් ඒවායේ ඉන්න අයට මොකද කරන්නේ? (නි)
අදහස නම් හොදයි කරලා බලමු එකත් (දී)
කවදා වෙන වැඩද මේවා?(දී)
පළාත් සභා වලින් රටට සේවයක් නැද්ද?(දී)
පළාත් සභා රටට වැඩක් නැද්ද?(දී)
අනේ මන්දා තව මොනවා එපා කියයිද කියලා (දී)
කියනවා කරනවා අහෝසිත් කරනවා (දී)
අපිත් එකගයි (නි)
ලංකාව පුංචි රටක්. පළාත් සභා අනවශ්‍යයි (නි)
හෙළ උරුමයේ සමහර හිමිවරුන්ටත් මොකක් හරි පියවරක් ගත්තා නම් නේද හොඳ? (නි)
ආගම් පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම මෙයට සහයෝගය දියයුතුයි (නි)
රටම විනාශ කරපු , රටම භේද භින්න කරපු , රටට විනයක් වූ මේ පළාත් සභා නැති කරනවා නම් ජනමත විචාරණයක් තැබුවත් උඩින්ම දිනනවා. අපේ හාමුදුරුවනේ පහුවෙලා හරි මේ ටික තේරුම් අරන් ඔබවහන්සේලා පෙරමුණ ගත්තොත් මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. පාට පක්ෂ අමතක කරලා මුලු රටේම ජනතාව ඔබලා සමග මේ ගමන ගිහින් පළාත් සභා පමණක් නොව මේ විධායක ක්‍රමයත් ඉවත් කොට අප කලින් සිටි ගම් සභා වලින්ම ආයෙත් පටන්ගනිමු. ඔබලාට මේ ගමන යන්න සියලු ශක්තිය ලැබේවා! (නි)
අපි බලමු වැඩේ හරියයිද කියලා (නි)
අනේ ලොකු දෙයක්. මේ ගොල්ලෝ හිටියා කියලා පළාත දියුණු වෙන එකක්යැ? (නි)
ක්‍රියාවට නැගිය හැකිනම් අපූරු යෝජනාවකි (නි)
මේ රටට පළාත් සභාක්‍රමය අනවශ්‍යයි. (නි)
වියයුතුම දෙයක් (නි)
බෞද්ධ හෝ වෙන ආගමක උනත් ප්‍රශ්නයක් නැහැ. මේ ඉල්ලීම හොඳ එකක්. මේකට සියලු දෙනාම සම්බන්ධ කර ගත යුතුයි. සියලු දෙනා එකඟ උනොත් තමයි අඩු වශයෙන් මේකට උත්සාහ කරලා වත් බලන්න පුළුවන්. (ස)
ඇති කරනවා නැති කරනවා (දී)
අපිත් එකගයි (නි)
ඉතාමත් හොද ඉල්ලීමක්. (දී)
හැමදාම මොකක් හරි තියෙන්න ඕනනේ (දී)
හොද අදහසක්. (නි)
පලා බබා අපිට එපා.(නදී)
නරකම නැහැ. ඒකත් කරලා බලමු (දී)
හොද කියමනක් (දී)
ඔබවහන්සේ වදාරනවා. අපි සවන්දෙනවා. (නි)
බොහොම හොඳයි , පළාත් සභා නිසා අහක යන නරි රජකරනවා (ස)
ආ... හුග කාලෙකට පස්සේ හරි රට ගැන මතක් වෙච්ච එක හොදයි. (නි)
බොහොම හොදයි (නි)