තක්කාලි, බෙල් පේපර්, මාළු මිරිස් හා පලතුරු වර්ග 11 ක් පමණක් ප්ලාස්ටික් කූඩයෙන් ප‍්‍රවාහනය කිරීමට ඉඩදීම ගැන දඹුලූ ගොවීන් හා ව්‍යාපාරිකයෝ එකඟත්වය පළ කරති. වෙළෙඳුන් හා ගොවීන් සුළු පිරිසක් ඊට විරුද්ධ වුවද පිරිසිදු හා නරක් නොවූ එළවළු හා පළතුරු කෑමට දැන් අවස්ථාව උදාවී ඇතැයි පාරිභෝගිකයෝ කියති. කූඩයේ මිලත් තමනට ගෙවන්නට වෙතියි පාරිභෝගිකයෝ කියති. එළවළු මිල වැඩි නොවේවායි මධ්‍යම පළාත් මන්ත‍්‍රී සංජීව කවිරත්න මහතා දඹුලූ පන්සලේ විෂ්ණු දේවාලයට එළවළු, පළතුරු වට්ටියක් පූජා කරමින් පැතීය.
ගොවීන් ගෝනිවලින් එළවළු රැගෙන ආ අතර ප්ලාස්ටික් කූඩයේ අසුරා කොළඹට එවීමට වෙළෙන්දෝ යුහුසුළු වූහ. එහි වෙළෙඳ සංගමයේ සභාපති යූ.ආර්. දයානන්දසිරි මහතා පැවැසුයේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව තමන් ඒ ක‍්‍රමයට එකඟ බවයි. මාසයකට පමණ පෙර එහි ගොවීහු ද වෙළෙන්දෝ ද කූඩයට එරෙහිව වීදි බැස සිටියහ.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම ජනාධිපතිතුමාම තේරුම් කරල දෙනකම් ඉන්නෙ නැතුව කූඩවල එළවළු පලතුරු ප්‍රවාහනයේ වටිනාකම තේරුම් අරගෙන වැඩ කලානම් හරිනෙ.