පළාත් පාලන ආයතන මැතිවරණ පනත (2012 අංක 22) සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
එම පනතේ තාක්ෂණික ගැටලු නිරාකරණය සහ පිළිගත් දේශපාලන පක්ෂවල යෝජනා සලකා බැලීම මෙහි අරමුණ වන අතර මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ.
එහි සමාජිකයින් ලෙස, අමාත්‍ය ෆයිසර් මුස්තෆා (සභාපති), අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය රිෂාද් බදියුදීන්, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අමාත්‍ය මනෝ ගනේෂන් පත් කර ඇත.
කැබිනට් අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු වන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ ඔක්කොම නරිනාට. ඇයි ඡන්දය තියන්න බය? පහුවෙනකොට තව තවත් ආණ්ඩුවට අවාසි වන බව හිතුවොත් හොඳයි. (ත)