රන්ජන් කස්තුරි
පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් හෙට (27) නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ.
එම පළාත් පාලන ආයතනවල නම සඳහන් වීමේ දී හෝ ඒවාට අදාලව ග්‍රාම නිලධාරිවසම් නම් කිරීමේ දී සුළු ම්‍රද්‍රණ දෝෂ සිදුවී ඇති හෙයින් එම ආයතන 40 හි ඡන්දය පැවැත්වීමට බාධා මතුව තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වූ පසුව මැතිවරණ කොමිසමට එම ආයතන 40 ද ඡන්දය පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීය.
මැතිවරණ කොමිසම ඡන්දය පැවත්වීමට තීන්දු කර තිබෙන ආයතන 93 ට මුද්‍රණෙ දෝෂ සහිතව නම් වී තිබෙන ආයතන 40 ඇතුළත් නොවේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසුවේ සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කළහොත් එම පලාත් පාලන ආයතන 40 ද ඇතුළුව ආයතන 133 ක ඡන්ය පැවැත්වීමට පියවර ගන්නා බවය.
මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඡන්දය අලුත් ක්‍රමයට තියන්න .උසාවි ප්‍රශ්නේ නිසා පරණ ක්‍රමේ ගෙනාවනම් එය මහා අපරාධයක්. මෙපමණ කල් අලුත් ක්‍රමය ගේන්න වැය කරපු කාලය සහ මුදල් ගැන පාලකයෝ ජනතාවට වග කියනවද
මේකෙන් තේරෙන්නේ මෙයාලට වෙලාවට ගැසෙට් එකවත් නිවැරදිව ගහගන්න බැරි එක නේද? මෙයාල ව්‍යවස්ථාවක් ගැහුවොත් රටට දෙයියන්ගෙම පිහිට තමයි.