පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව සීමා තීරණය කිරිමේ දී පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 595 දෙනකුගෙන් ඉහළදැමීමට සිදුව ඇතැයි පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පෙන්වාදෙයි.
2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත මගින් පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ ක්‍රමය හා සමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. සිමා නිර්ණ කමිටුවේ වාර්තා අනුව නව ක්‍රමය අනුව පළාත් පාලන කොට්ඨාශ 4819ක් සඳහා තේරීපත්වන මුළු සභිකයන් සංඛ්‍යාව 5081කි. කේවල කොට්ඨාශ 4573 ක් සභික සංඛ්‍යාව දෙදෙනෙකුගෙන් යුතු වූ බහු සභික කොට්ඨාශ 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාශ 9ක් ද මේ කමිටුව නිර්දේශ කැර තිබේ. පෙර පැවති ක්‍රමය අනුව තෝරාපත්කැර ගත් සභිකයන් සංඛ්‍යාව 4481ක් බැවින් එම සංඛ්‍යාව ඉදිරියේ දී 595කින් ඉහළ ගොස් ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය අමාත්‍යාංශය පවසන්නේ මේ කමිටුව සඳහා මහජන නියෝජිතයන්ගෙන් යෝජනා 122ක් ලැබී තිබූ අතර ඉන් යෝජනා 56ට පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමා නිර්ණය කටයුතු සඳහා ජාතික කමිටුවේ අනුමැතිය ලැබුණු බවයි.
එම වාර්තාව අද අමාත්‍ය කරු ජයසූරිය මහතාට භාරදෙනු ලැබීය. එම වාර්තාව භාරගැනිමෙන් පසු අදහස් දැක්වූ අමාත්‍ය කරු ජයසූරිය මහතා කියා සිටියේ මින් ඉදිරියට කඩින් කඩ මැතිවරණ නොපවත්වවන බවයි.
මේ අතර, පළාත් පාලන ආයතන නියෝජිතයන් සඳහා නව ආචාර ධර්ම පද්ධතියක්ද හඳුන්වාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ වාර්තාව භාරදීමෙන් පසුව අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය කරූ ජයසූරිය කියා සිටියේ මින් ඉදිරියට කඩින් කඩ මැතිවරණ නොපවත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර දමන්න ජනතාවට. (නදී)
කොට්ඨාශ ක්‍රමය හොඳයි. මේ කුඩා ශ්‍රී ලංකාවේ අඟලක් ගානේ ප්‍රා.ස.මන්ත්‍රිවරු වපුරන එක දුකයි. දැනට සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරුන් 4481 වෙනුවෙන් ගෙවනු ලබන මසක දීමනාව දල වශයෙන් සුභසාධන හැර (4481x25000= 112,025,000/=) එකොලොස් කෝටි විසි ලක්ෂ විසිපන්දහසකි. දැන් ඉදිරිපත් කර ඇති ආසන ක්‍රමයට පලාත් සභාවේත් පාර්ලිමේන්තුවේත් 20වැනි සංශෝදනයත් සමඟ වැඩිවීමක් සිදුවෙනවා ඇත. උදාහරණයකට අපි මෙසේ සිතමු. වර්ථමානයේ ක්‍රියාත්මක කිරීමට නියමිත කොට්ඨාශ ක්‍රමයට දැනට සිටින මන්ත්‍රි සංඛ්‍යාවට වඩා 595 ක වැඩිවීමක් සිදුවේ. ඒ සඳහා මසකට අතිරේකව ගෙවීමට සිදුවන මුදල (595x25000= 14,875,000/=) එක්කෝටි හතලිස් අට ලක්ෂ හැත්තෑ පන් දහසකි. ඒ ඉහත පලාත් සභා හා පාර්ලිමේන්තුවට වැඩිවන කොටස නොමැතිවය. තිබෙන ක්‍රමයට පක්ෂ දේශපාලනයෙන් හොඳ මිනිසුන් යැව්වා නම් පෙර පාසැල් ලියවිල්ලක් සේ ව්‍යවස්ථාව වෙනස් කර කර ජනතාව මතට පටවන බදුබර නවතා ගත හැකිය. ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකරන්නේ අප රටේ අහිංසක ජනතාවගේ ජීවන වියදම වැඩි කිරීමද? රටේ සංවර්ධනය වෙනුවට දේශපාලකයන් හා ඔවුන් වටා සිටින පිරිස් නඩත්තු කිරීමක්ද? උඩ ඉන්න දෙවියන්ටවත් ඇයි මේව නොපෙනෙන්නෙ. කුලිවැඩ කරන මිනිසුන් නේද ඉන් දුක් විඳින්නේ (නදී)
ඇයි අප්පා අපිත් දේශපාලනයට එන්නේ නැත්තේ. මේක මේ ඡන්දෙ දෙන මෝඩ අපිව හූරන් කන්න හදන නාඩගමක් බව කාටවත් පේන්නේ නැද්ද. කවුද මේ කට්ටියට පඩි ගෙවන්නේ. රටේ සංවර්ධනය කියන්නේ දේශපාලුවන්ගේ සංවර්ධනයද කියල තමයි ඇමතිතුමාගෙන් අහන්න වෙන්නේ. (බ)
රටට දරන්න බැරි අනවශ්‍ය බරක්. කාටද කියන්නේ ? (බ)
ජනාධිපතිතුමනි තත්වය සෝචනීයි . (ස)
පලා බබ්බු ගනන අඩුකරන තරමට තමයි හොඳ රටට. මේ වෙලා තියෙන්නේ තව පැටවු ගහන ක්‍රමයක්. එනිසා අඩුගානේ මොන්ටිසෝරිවත් පාස්කළ කට්ටිය පත්කරගන්න මේ පාර ඡන්දෙ දෙන්න මහජනයා වගබලා ගතයුතුයි. (නි)