උතුරු මැද" නැගෙනහිර සහ සබරගමුව මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50-55 අතර මට්ටමක පැවැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. සමස්ථයක් වශයෙන් ගත් කල මැතිවරණය සාමකාමීව පැවැතියත්, ඇතැම් ස්ථානවල පහරදීම් ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 76ක් පමණ වාර්තාවී ඇතැයි ද ඔහු කියයි. අද සවස 4.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ අතර මේ වන වට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන යමින් තිබෙන බව ද මැතිවරණ නිලධාරීහු කියති. වැඩිම සිද්ධීන් වාර්තා වී ඇත්තේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලිනි.
ඡායාරූප සහ විස්තර
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව, අජිත් ලාල්ශාන්ත උදය, අම්පාර වාර්තාකරු, මහින්ද නිශ්ශංක, විනීතා එම් ගමගේ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටනේ මේ මරාගන්න හැදුවේ. (නි)
ඒ කියන්නේ බාගයක්ම දීල නැහැ (දී)
මේකෙන් පේන්නේ රටේ මිනිස්සුන්ට චන්ද එපා වෙලා කියන එක. කඩින් කඩ චන්ද තිබ්බම මිනිස්සුන්ට එපා වෙනවා විතරක් නෙමෙයි රටේ මිනිසුන්ගෙ සල්ලිත් විනාස වෙනවා. ඒ නිසා එක පාර චන්ද තිබ්බා නම් මේ කිසිම දෙයක් නැ...(නු)
හෙට උදේට ජනතාවගේ මනාපය දැක ගත හැකිවෙයි..!!(නු)
ඡන්දය නොදා සිටීම නෙමෙයි කළයුත්තේ..(නු)
හෙට උදේට බලන්න කට්ටියක් දිනලා කට්ටියක් පැරදිලා තියෙය්. ආයේ දෙකක් නෑ. (ස)
මේකෙන් පෙනෙන්නේ යූඑන්පී අය ඡන්දය නොදා සිටීමයි කියලා විපක්ෂ නායකතුමා කියාවි. (ස)
ජනතාවට ජයවේවා!!!
ලංකාවේ ඡන්ද කරලා කිසිම කෙනෙකුට දිනන්න මේ දූෂිත රජය ඉඩ දෙන්නේ නැහැ. (ස)
කවුරුවත්ම ඡන්දය නොදී කොලේ ගෙදර අරං ගියානම් ඉවරයි..!!(නු)